IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා

තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 

නාසා ආයතනය මෙසේ පැවැසුවේ, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි  ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවක් අවසානයේ නිගමනයකට පැමිණෙමිනි.

තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පමණක් නොව, ඇමෙරිකන් හමුදා අංශ ප්‍රධානීහු ද මෙම වැඩමුළුවට සහභාගී වූහ. ඔවුහු ග්‍රහක සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සහ දත්ත සෙසු පිරිස සමඟ බෙදා ගත්හ.

එහිදී පෘථිවියට අසලින් කලින් කලට ගමන් කරන ග්‍රහක සහ ඒවායේ ගමන් මාර්ග පරිගණක ඇසුරින් අධ්‍යයනය කිරීමෙන් පසු පෙනී ගියේ පෘථිවියට අනනතුරක් කළ හැකි ආකාරයේ යෝධ ග්‍රහකයක් 2038 ජූලි 12 වැනිදා පෘථිවිය දෙසට පැමිණෙනු ඇති බවත්, එය පෘථිවියේ හැපීමේ ප්‍රතිශතය සියයට 72 ක් බවත්ය.

මෙම ග්‍රහකය නියත වශයෙන්ම පෘථිවියේ හැපෙන්නේ නම්, ග්‍රහකය පුපුරුවා විනාශ කිරීමට හෝ ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට සැලැසුම් සකස් කිරීමේ වැදගත්කම වැඩමුළුවට එක් වුණු ඇමෙරිකන් හමුදා ප්‍රධානින් පෙන්වා දුන් බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (8)

තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා

Achini Sunday, 23 June 2024 06:56 PM

රනිල් ඕක කළින් දන්නවා නම් 2035 කියලා ඇති 2048 නැතිව නේද?

:       12       54

සචිනි Monday, 24 June 2024 07:53 AM

මෝඩියේ රනිල් 2048 කිව්වෙ ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 100 වෙන කාලය අනුව මිස උඹ කියන එකකට නොවෙයි.

:       14       10

Always break down Sunday, 23 June 2024 07:20 PM

මැදමුලන, තන්ගල්ල කිට්ටුව යනවාද දනනේ නෑ..!

:       0       3

Prabha Sunday, 23 June 2024 08:24 PM

අම්මෝ තව තියෙන්නේ අවුරුදු14 ලු හොඳට කලා බීලා ජොලියේ ඉන්න ඕනෑ

:       0       0

මොඩ් බයියා Sunday, 23 June 2024 09:04 PM

චිචී පුතා ඉන්නකම් අපි නම් ඕවාට බය නෑ. ග්‍රාහකයට අහස්කූරක් හරි යවලා අපිව බේරා ගන්නවා.

:       0       1

පිටරටවැසියා Monday, 24 June 2024 12:09 AM

අචිනි, ඔය විශේෂ වැඩමුළුවට රනිල් ගියානම්, ඔය කියන ග්‍රහකය වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරලා, පෘථිවියට එහායින් තියල තමයි නැවත එන්නෙ.

:       1       2

නාමල් Monday, 24 June 2024 01:55 PM

ඊට කලින් කොහාට හරි පැනගත්තොත් හරි... නැත්නම් ඉතින් සුන්තමයි...

:       0       0

ගැමුණු Monday, 24 June 2024 02:00 PM

ඕක මේ පොළවේ නම් කීයටවත් හැප්පෙන්නේ නෑ. එහෙම හැප්පෙනවා නම් රනිල් ලොක්කා 2048 මේ රටට මොකද්ද කරනවා කියපු එක කරන්නේ කොහොමද? අනික රනිල් නොදැන ඉන්න විදිහක් නැහැනේ එහෙම එකක් මේකේ හැප්පෙනවා නම්... ඕවා බොරු කථා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1646 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site