පසුගිය කාලයේ ජනාධිපති ජෝන් මගුෆුලි සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති විය. ඒ, ජනාධිපතිවරයා හිටිහැටියේ අතුරුදන් වුණැයි ජනතාව චෝදනා කරන්න වූ බැවිනි.
ටැන්සානියානු විපක්ෂ නායක සීටෝ කබ්වේ කියා සිටියේ, ජනපතිවරයාට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සිහිසුන් ව මරණ මංචකයේ පසුවන බවය.
ජනාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රහසේ ම ඉන්දියාවට ගෙන ගිය බවට ද තමන්ට දැනගන්න ලැබුණැයි විපක්ෂ නායක සීටෝ පැවැසීය.
ජනාධිපති ජෝන් මගුෆුලි, කොරෝනා වසංගතය ගැන තැකීමක් නොකළ අප්‍රිකා රාජ්‍ය නායකයකු ලෙස ප්‍රකටය. ඔහු පසුගිය කාලයේ ජනතාව අතරේ ගැවසුණේ මුහුණු ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් හෝ කිසිදු තැකීමක් නොකරය.
ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ දැනුම් දෙමින්, උප ජනාධිපති සමීයා සුලුහු හසාන් පැහැදිලි කළේ, 61 හැවිරිදි ජනාධිපතිවරයා, වසර 10 ක් තිස්සේ හදවත් රෝගයකින් පීඩා විඳි බවත්, මියයන අවස්ථාවේදී ඔහු දාර් එස් සලාම් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය. ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් සති දෙකක ශෝක කලයක් ද ප්‍රකාශයට පත් කිරීමට උප ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ටැන්සානියාව අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර, දාර් එස් සලාම් යනු එරට විශාලතම නගරයයි. ජනාධිපති ජෝන් මගුෆුලි පසුගිය මාර්තු 6 වැනිදා රෝගී වූ බවත් 14 වැනිදා වනවිට රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් උප ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
ටැන්සානියාවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 2020 වසරේදීය. ජෝන් මගුෆුලි එයින් ජයග්‍රහණය කළේ දෙවැනි ධුර කාලය සඳහාය. ටැන්සානියාවේ ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපති සමීයා සුලුහු හසාන් ජනාධිපති ලෙස දිවුරුම්දීමට නියමිතය. ඉදිරි පස් වසරක කාලයේ ඔහු බලයේ රැඳී සිටිනු ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටැන්සානියා ජනපති මියයයි: කොරෝනා මරණයක්දැයි සැක