
ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිරයේ දී මෝදි හමුවන පළමු අවස්ථාව මෙයයි.
ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබුණි.
ද්වී පාර්ශ්වික සබඳතා කර කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. වෙළඳ ගනුදෙනු, තීරු බදු සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය.
ඇමෙරිකානුවන්ට මුල්තැන දීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මෝදිගේ ඇගයීමට ලක්වුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
ලංකාව මුහුණ දෙන ලොකුම ගැටලුව රටේ නායකත්වයට සුදුස්සකු දේශපාලනයේ නැතිවීමයි. එක්කෝ එවැන්නන් ලංකාවේ ක්‍රමය තුළ දැන් බිහිවන්නේ නැත. නැතහොත් පවතින ජරාපත් දේශපාලනය තුළට එන්නේ නැත. නායකත්වයට කිසිඳු ගැලපීමක් නැති මෛත්‍රී, ගෝඨා, අනුර වැන්නවුන් අත්හදා බලා අමාරුවේ වැටීමට සිදුවූවේ එබැවිනි.
මට නම් අපේ රටට ගැලපෙන සුදුසුම නායකයා ලැබුණා කියා හිතෙනවා. ජේ.ආර් තමන්ට එන විවේචන වලට උත්තර දිදී කාලය නාස්ති කළේ නැහැ. ඒ හින්දා රජය තමන් කරන දේ හරි නම් කරගෙන යන්න. එක් කාලයකදී වෙළඳ ඇමැති ව සීට් ටී.බී. ඉලංගරත්න මහතාටත් කරවල කුමාරයා කියලා නමක් දැම්මනේ. එහෙම නම් මෑත කාලයේ බලයේ සිටි මැති ඇමැතිවරු කොහොමද?
එතකොට මහින්ද?