
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරිකන් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය හරහාය.
ට්‍රම්ප්ගේ බදු පැනවීම් නිති විරෝධී බවත්, එම බදු හේතුවෙන් ඇමෙරිකන් ආර්ථිකය අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇති බවත් ඇමෙරිකන් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය පෙන්වා දී ඇත.
නඩු පැවරීම් කර ඇත්තේ ඔරෙගන්, ඇරිසෝනා, කොලරාඩෝ, කනැනිකට්, ඩෙලවෙයා, ඉලිනෝයි, මේන්, මිනසෝටා, නෙවාඩා, නිව් මෙක්සිකෝ, නිව්යෝක් සහ වර්මොන්ට් යන ප්‍රාන්ත යැයි ද පැවැසෙයි.
මීට දින කීපයකට පෙර ද ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය බදු ක්‍රමය අවලංගු කරන ලෙසත්, ඒ යටතේ පනවා ඇති තීරු බදු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් කැලිෆෝනියා ජනපදය ද ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලෝන් මස්ක් කාරයා පොරට ගෙදර යන තැනට වැඩ සෙට් කරයි වගේ. කොම්පැනි පාලනය කරන විදියට රටවල් ගෙනියන්න බැහැ කියලා පොරවල් 2ටම තේරෙයි..
පිස්සෙක් ජනාධිපති උනත් එකයි, ජනාධිපති පිස්සෙක් උනත් එකයි. ට්‍රම්ප් පිස්සෙක් කියලා හැමෝම දන්නවා.