IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ට්‍රම්ප් මෝදි කතා කළේ නෑ: ඒක බොරු - ඉන්දියාව කියයි

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට එවැනි සහතිකයක් ලබා දී නැති බවය.

ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරන්නේ, ඇමෙරිකාව රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක පනවා ඇති අවස්ථාවකය. සම්බාධක පැනවීමේ අරමුණ, රුසියන් ආර්ථිකය අඩපණ කිරීමය.

කෙසේ නමුත් ඉන්දියාව, චීනය සහ ඇතැම් යුරෝපා බටහිර රටවල් රුසියාව සමඟ තෙල් මිලදී ගනිමින් ගනුදෙනු කිරීමෙන් රුසියාවට අවශ්‍ය විදියේ පීඩනයක් එල්ල කිරීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම සමීප මිතුරකු බවත්, තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකතනයෙන් කතාබහ කරද්දී, රුසියාවෙන් තෙල් ගැනීම නවත්වන බවට අග්‍රාමාත්‍ය මෝදි තමන්ට සහතික වූ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ පෙරේදා (16) දිනයේය.

කෙසේ නමුත් ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ, එවැනි දුරකතන කතාබහක් සිදු නොවුණු බවය.



අදහස් (0)

ට්‍රම්ප් මෝදි කතා කළේ නෑ: ඒක බොරු - ඉන්දියාව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site