IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට

කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානය ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා භාවිතයට ගන්නා නිල ගුවන් යානය හැඳින්වෙන්නේ ‘එයාර් ෆෝස් 1’ යන නමිනි. ට්‍රම්ප් දැනට භාවිතයට ගන්නා වසර 40 ක් තිස්සේ ඇමෙරිකන් ජනාධිපතිවරුන් භාවිතයට ගන්නා බෝයිං ගුවන් යානයකි.

කටාර් රජ පවුලෙන් තෑගි වශයෙන් හිමිවුණු බෝයිං 747-8 යානය දැනට භාවිතයට ගන්නා ‘එයාර් ෆෝස් 1’ යානයට වඩා ප්‍රමාණයෙන් විශාල වෙයි. ආරක්ෂක දෙපාර්තමේන්තුව යානය හොඳින් පරීක්ෂා කර ඇමෙරිකන් ජනාධිපතිවරයට ගැලපෙන ආකාරයෙන් එය වෙනස් කිරීමක් කරනු ඇත. යානයට, විශේෂ ආරක්ෂක පද්ධතියක් ද සවි කරනු ඇත.

ජනධිපති ට්‍රම්ප්ට මේ අයුරින් ගුවන් යානයක් තෑගි ලැබීම ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ පවා දැඩි විවේචනයට හේතුවක් විය. කෙසේ නමුත් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් තම ධුර කාලය අවසන් වීමෙන් පසු ගුවන් යානය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුස්තකාලයට පරිත්‍යාග කරන බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site