හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විදියේ ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී මිටින ට්‍රම්ප්, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ට්‍රම්ප් හමාස් සංවිධානයට පවසා ඇත්තේ, එදින වනවිට ප්‍රාණඇපකරුවන් නිදහස් නොකරන්නේ නම්, හමාස් සංවිධානයට තමන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවය.
'මා දන්නවා මේ වනවිට ඊශ්‍රායල රජයත්, හමාස් සංවිධානයත් අතරේ ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා. ප්‍රාණඇපකරුවන් 34 දෙනකු මුදා හැරීමට හමාස් කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් එහෙම බැහැ. මා ජනපති ධුරයේ දිවුරුම් දෙන්න කලින් ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කිරීමට හමාස් වග
බලාගත යුතුයි' යැයි ට්‍රම්ප් පැවැසුවේ ෆ්ලොරීඩාවේ, සිය මාර් ආ ලාගෝ මන්දිරයේ සිට මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ට්‍රම්ප් මැදපෙරදිග කලාපයට විශේෂ නියෝජිතයකු ලෙස ස්ටීවන් චාල්ස් විට්කෝෆ් පත් කර ඇති අතර, විට්කෝෆ් මැදපෙරදිග සංචාරයක් අවසන් කර මේ වනවිට යළි ඇමෙරිකාව බලා පැමිණ සිටී. විට්කෝෆ් මැදපෙරදිග කලාපයට ගියේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සොයා බැලීමටය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 08 January 2025 08:56 AM
ඔව් එය එසේ විය යුතුයි
Pradeep Kumara Wednesday, 08 January 2025 09:20 AM
නියමයි
මනුෂ්‍ය හදවත Wednesday, 08 January 2025 02:01 PM
පලස්තීනයේ ළමයින් අහිංසක මිනිසුන් 46000ක් මරපු එක සාධාරණයි නේද?
පරපෝෂිතයාWednesday, 08 January 2025 04:38 PM
අනිවා, ඇයි අපි මදුරුවෝ බෝවෙන තැන්, කීටයෝ විනාශ කරන්නේ?
පිලිකා කරුමය Wednesday, 08 January 2025 04:30 PM
ලෝකෙන්ම මෙම පිළිලය සුන්නත් දූලී කර ඉවත් කීරීමට මොලය පැදේවා...!