
ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා සහ ට්‍රම්ප් මෙසේ මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
ධවල මන්දිරයට පැමිණි ජපන් අග්‍රාමාත්‍යවරයාට ට්‍රම්ප්ගෙන් හිමිවූයේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි. ඉෂිබා, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට රන්වන් සමුරායි හිස් වැස්මක් තෑගි කළ අතර, ට්‍රම්ප් මහත් සතුටින් එය බාර ගත්තේය.
ට්‍රම්ප් පසුගිය ජනවාරියේ දිවුරුම් දීමෙන් පසු ඔහු හමුවීමට ධවල මන්දිරයට ආ දෙවැනි රාජ්‍ය නායකයා වන්නේ ජපන් අග්‍රාමාත්‍ය ඉෂිඩාය. ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
කෝ මෙතන පුටින් කෙනෙක් නෑ නේ