IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ජේන් ගුඩාල් සමුගනී

ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික සත්ව චර්යා විද්‍යාඥවරියක වන ජේන් ගුඩාල් අභාවප්‍රාප්ත විය. 

ජේන් ගුඩාල් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රිමේටාවන් එනම් මනුෂ්‍ය අපගේ සමීපතම ඥාතීන් ලෙස සැලකෙන චිම්පන්සීන් සම්බන්ධයෙන් ලොවට අනාවරණය කළ අධ්‍යයනයන් නිසාය.

මියයනවිට ඇගේ වයස අවුරුදු 91 කි.

ජේන් ගුඩාල් පදනම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ දේශන මාලාවකට ගොස් සිටින ගුඩාල්, නින්දේදීම අවසන් සුසුම් හෙලූ බවය.

සත්ව චර්යා විද්‍යාඥවරියක යනු සතුන්ගේ ස්වභාවික පරිසරය තුළ සතුන්ගේ චර්යාවන් පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන තැනැත්තෙකි.

ආචාර්ය ගුඩාල්, සත්ව චර්යා විද්‍යාඥවරියක ලෙස කළ සොයාගැනීම්, සතුන් ගැන (විශේෂයෙන් චිම්පන්සීන් ගැන) කරුණු කාරණා රැසක් අනාවරණය කර දීමට සමත් වුණු බව කාගේත් පිළිගැනීමය. මිනිසුන් සහ චිම්පන්සීන් අතර ඇති සබඳතා පිළිබඳව පැවති මතවාද වෙනස් කිරීමටත්, සත්ව විද්‍යාව පිළිබඳ ක්ෂේත්‍රයේ නව මානයන් විවර කිරීමටත් ගුඩාල්ට හැකිවිය.

ගුඩාල් උපන්නේ 1934 ලන්ඩන් නුවරදීය. ඇය චිම්පන්සීන් ගැන අධ්‍යයන කටයුතු ආරම්භ කළේ 1960 වසරේ දී ටැන්සානියාවෙනි. චිම්පන්සීන්, ගෝරිල්ලන් ආදී මහා වානරයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගුඩාල්, ජේන් ගුඩාල් පදනම පිහිටුවූයේ 1977 දීය.

2002 දී ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම දූතවරියක ලෙස කටයුතු කළාය. ඇගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සොව පළ කර ඇත.



අදහස් (1)

ජේන් ගුඩාල් සමුගනී

සමන්ත Friday, 03 October 2025 03:55 AM

ලොවට දැවැන්ත සේවාවක් කර සතුන්ගේ අයිතීන් වෙනුවෙන් ජිවිතයේ වැඩි හරියක් කැප කරපු ඔබතුමියට නිවන් සැප ලැබේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 691 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site