
ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පාලමකින් පැන දිවි නසා ගැනීමට තැත් කළ කාන්තාවක සන්සුන් කරමින්, ඇය බේරා ගැනීමට ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවී සමත් විය. බොන් ජෝවීගේ මෙම වීර ක්‍රියාව, ටෙනිසී පොලිස් නිලධාරීන්ගේ පැසැසුමට ද හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
62 හැවිරිදි බොන් ජෝවී ඇමෙරිකන් රොක් ගායකයෙකි. 90 දශකයේ අතිශය ජනප්‍රිය ගායකවෙකි. අදත් ඔහුගේ ජනප්‍රියත්වයේ අඩුවක් වී නැත. බාන් ජෝනී සහ ඔහුගේ කණ්ඩායම පාලම අසල ‘පීපල්ස් හවුස්’ නමැති ගීතය සඳහා මියුසික් වීඩියෝවක් රූගත කරමින් සිට ඇත.
කාන්තාව පාලමෙන් පැන දිවි නසා ගැනීමට තැත් කර ඇත්තේ එම අවස්ථාවේදීය. ඇය වෙත ගොස්, ඇය හා කතා කරමින්, මානසිකව පීඩාවට ලක් වී සිටි එම කාන්තාව සන්සුන් කිරීමට බොන් ජෝවි සමත් විය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd