අතිශය ජනප්‍රිය ඇමෙරිකන් ටෙලි නළු එරික් ඩේන් දිවි ගමන අවසන් කළේය. 

එරික් ඩේන්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතරේ අතිශය ජනප්‍රිය වූයේ, 2014 සිට 2019 දක්වා, ‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාවේ ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයා ටොම් චැන්ඩ්ලර්ගේ චරිතය හරහාය.

මියයනවිට එරික් ඩේන් 53 හැවිරිදි විය. ඔහු පසුගිය කාලය පුරාවට සුෂුම්නාවේ ස්නායු සෛල අඩපණ වීමේ රෝගී තත්ත්වයකට මුහුණ දී සිටියේය.

එරික් ඩේන් මියගියේ එම රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි.

එරික් ඩේන් මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව ලොවට අනාවරණය වූයේ පසුගිය 2025 දීය.