
චීනය සමඟ පවතින මත ගැටුම් හේතුවෙන්, චීනයේ අධ්‍යාපනය ලබන තම සිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි විහේෂ උන්න්දුවක් යොමු කළ බව ජපානය පවසයි.
චීනයේ අධ්‍යාපනය ලබන තම සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ද ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශය, චීන රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ජපානයේ අධ්‍යාපන අමාත්‍ය යොහෙයි මැට්සුමෝටෝ පසුගිය වසරේ චීනයේ දී සිදුවූ ජපන් ශිෂ්‍යයකුගේ ඝාතනය ගැන සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ, බලධාරීන් එම තත්ත්වය නැවත සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.
චීනයත් ජපානයත් අතරේ හටගත් මත ගැටුම් උත්සන්න වී ඇත්තේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය පිළිබඳ කනස්සල්ල උපුටා දක්වමින් චීන රජය, ජපන් මුහුදු ආහාර ආනයනය අත්හිටුවන බව නිවේදනය කිරීමෙන් පසුවය.
වත්මන් තත්වයන් යටතේ ජපන් මුහුදු ආහාර සඳහා වෙළඳපොළක් නොමැති බව අවධාරණය කරමින්, චීනයේ විදේශ අමාත්‍යාංශය තවදුරටත් ප්‍රති-පියවර ගන්නා බවට අනතුරු අඟවා ඇත.
චීනය තායිවානයට පහර දුන්නොත් ජපානයට මිලිටරිමය වශයෙන් ප්‍රතිචාර දැක්විය පසුබට වෙන්නේ නැතැයි ජපාන අගමැතිනි සනායි තකයිචි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, චීනය සහ ජපානය අතරේ මෙසේ මත ගැටුම් නිර්මාණය විය.
2025 නොවැම්බර් මස 21
161
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
232
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
චීනයේ ජපන් සිසුන් ආරක්ෂා කරන්න