IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


චීනයට යන්න ට්‍රම්ප් සූදානම්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වනු ඇතැයි ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපති ෂි ජින්පින් සමඟ ඊයේ (25) දිනයේ පැවැත්වුණු දුරකථන සංවාදයකින් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවය.

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් අනතුරුව, ලබන වසර අවසානයේ, චීන ජනාධිපති ෂී ජින්පින්ට රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට ආරාධනා කර ඇති බව ධවල මන්දිරය මේ වනවිට තහවුරු කර ඇත.

ඊයෙ (25) පැවැති එම දුරකථන සංවාදයෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ චීනය සහ ඇමෙරිකාව අතරේ හිතවත්කම් ශක්තිමත් වුණු බවත්, එය දිගටම ඒ අයුරින් පවතිනු ඇති බවත්ය.

දෙරටේ නායකයන් ඉතුක් ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේ බුසාන් නුවර හමුදා කඳවුරකදී මුහුණට මුහුණ හමුවූ අතර, පසුව ඔවුහු එකිනෙකාට තීරුබදු පැනවීම පිළිබඳ එකඟතාවයකට පැමිණියහ. ඇමෙරිකාව සහ චීනය අතරේ සබඳතා පළුඳු වූයේ මෙම තීරු බදු හේතුවෙනි.



අදහස් (0)

චීනයට යන්න ට්‍රම්ප් සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site