
ඇමෙරිකා ජනාධිපති ඩානල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ ඊශ්‍රායල හමාස් සටන් විරාමයේ සහ සාම සැලැස්මේ පළමු අදියර සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇත.
ඒ අනුව, එම පළමු අදියර කඩිනමින් ක්‍රියාවට නැංවෙයි. ඒ, ගැන සතුට පළ කරමින් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ගාසා තීරයේ තත්වය දැක බලා ගැනීමට තමන් ඊශ්‍රායලයට සහ ගාසා තීරයට යෑමට සූදානම් බවය.
ට්‍රම්ප් මෙසේ කීවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිණි. ‘ගාසා තීරයට යෑමට ඔබේ අදහසක් නැතිද?’ යැයි මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, ‘ඔව්. අදහසක් තියෙනවා. සමහර විට මම එසේ කරාවි.’ යනුවෙනි.
ගාසා තීරය කෙසේ වෙතත් තමන් කඩිනමින් ඊජිප්තුවේ සංචාරයකට යන බව ද ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. ගාසා තීරය යනුවෙන් හැදින්වෙන භූමිය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම් නැවැත්වීමට, ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී, අදියර කීපයක සටන් විරාම යෝජනාවක් සහ සාම සැලැස්මක් සකස් කළේ ඊජිප්තුවේත්, කටාර් රාජ්‍යයේත් සහාය ඇතිවය.
ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයන්, ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනාව සහ සාම සැලැස්ම සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා පැවැත්වීම කළේ ද ඊජිප්තුවේදීය. ඇමෙරිකන් නියෝජිතයෝ කණ්ඩායමක් ද එම සාකච්ඡා සඳහා එක් වූහ.
ට්‍රම්ප් ධවල මන්දිරයේ ස්වදේශීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව අතරතුරේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජනපති ට්‍රම්ප් අසලට පැමිණ ඔහුගේ කණට යමක් කෙඳිරුවේය. ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයටත් සාම සැලැස්මටත් එකඟ වූ බව පවසමිනි.
ඊශ්‍රායල මෙන්ම හමාස් සංවිධානයට ද පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සකස් කළ සටන් විරාම යෝජනාවේ පළමු අදියරට මේ වනවිට දෙපාර්ශ්වයම අත්සන් තැබූ බවය. ඒ අනුව, හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා නිදහස් වනු ඇතැයි ද පැවැසෙයි. මේ වනවිට හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 20 කි.
සටන් විරාම සහ සාම සැලැස්මට අදාළ යෝජනාවට කරුණු 20 ක් ඇතුළත් වන අතර, ඊශායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින්ම ඉවත් වීම, ගාසා තීරයේ පාලනය කලාපීය මුස්ලිම් රාජ්‍යයන්ට පැවැරීම සහ හමාසං සංවිධානය නිරායුධ වීම යන කාරණා ඇතුළත් වෙයි. හමාස් සංවිධානය පවසා ඇත්තේ නිරායුධ වීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇති බවය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය ඊහ්‍රායලයට ශ්‍රේෂ්ඨ දිනයක් බවය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
සටන් විරාම යෝජනාවටත්, සාම සැලැස්මටත් එකගත්වය පළ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සතුට පළ කර ඇත. එම සටන් විරාම යෝජනාවට සහ සැලැස්මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අනුමැතිය හිමිවන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා යන්න ට්‍රම්ප් සූදානම්