IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ගාසාවට සාම සැලැස්මක්: ට්‍රම්ප් නෙදන්යාහු හමුවක්

ගාසා යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව කරුණු 21 කින් සමන්විත සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇත. එම සාම සැලැසුම අනුව, ගාසා තීරය පලස්තීනුවන්ට හිමිවනු ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් පිටවී යනු ඇත.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පැවැත්වීමට ද නියමිතව තිබුණි.

සාම සැලැස්මට අනුව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වහා නිදහස් කළ යුතු වන අතර, සාමකාමීව කටයුතු කරන හමාස් නායකයන්ට කොන්දේසි විරහිතව සමාව හිමිවනු ඇත.
ඇමෙරිකාව මෙම සාම සැලැස්ම සකස් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසියට සමගාමීව, ඊට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතන්ගේ අදහස් අනුව යැයි ද පැවැසෙයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට පැමිණියේය. ඔහු සමුළුව අමතද්දී, රැස්ව සිටි පිරිසෙන් වැඩි දෙනා ශාලාවෙන් පිටව යෑම විහේෂ සිදුවීමක් විය. ඒ, පලස්තීනුවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට චෝදනා නගමින් ඊට විරෝධය පෑමක් ලෙසය.

මේ වනවිට බටහිර රටවල් කීපයක්, පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඊට අප්‍රසාදය පළ කළේය. එය ලැජ්ජාසහගත උමතු ක්‍රියාවක් යැයි ද පැවැසීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමුළුව ඇමතීමට පැමිණ සිටියේ, සිය කබායේ විශාල කියුආර් කේතයක් සහිත රූපයක් ද එල්ලාගෙනය.

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට තම රටේ ක්‍රියාමාර්ග පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එම කේතය ස්කෑන් කර බලන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. කේතය ස්කෑන් කිරීමෙන් 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවල බිහිසුණු රූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට පිවිසීමට හැකිවිය. 



අදහස් (0)

ගාසාවට සාම සැලැස්මක්: ට්‍රම්ප් නෙදන්යාහු හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1332 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site