
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු පියවර ගත්තේය.
ඒ, කෙන්යා ජනාධිපති විලියම් රූටෝ හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. කෙන්යා ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටනයට පැමිණ සිටී.
කෙන්යාව යනු උප සහරා කලාපයේ පිහිටි අප්‍රිකානු රටකි. උප සහරා අප්‍රිකානු කලාපීය රටක්, නොටෝ නොවන ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි මිතුරකු ලෙස ඇමෙරිකාව පිළිගත් පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
කෙන්යාව ඇමෙරිකාවේ මිතුරකු බවට පත් වී සිටින්නේ, අප්‍රිකා කලාපයේ ඉස්ලාමීය ත්‍රස්ත තර්ජනවලදී, කෙන්යානු රජයෙන් සහ හමුදාවෙන් ඇමෙරිකාවට සහාය ලැබෙන බැවිනි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd