
කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට කටයුතු කරන ලෙසය.
කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ කැනඩාවේ ශීක් ක්‍රියාකාරියකු වූ 45 හැවිරිදි හර්දීප් සිං පසුගිය වසරේ ජූනි මාසයේ දී වෙඩි තබා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙනි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං ශීක් බෙදුම්වාදී ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලියේ නායකයෙකි. ‘කලිස්තානී’ ත්‍රස්ත කල්ලිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජයට එරෙහිව නැගී සිටින කණ්ඩායමකි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා චෝදනා නගා ඇත්තේ, හර්දීප් සිං ඝාතනය කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ඒජන්තවරුන් බවය. ඉන්දීය රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉන්දියාවේ සිටින කැනඩා තානාපතිවරයාටත්, කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් ඉන්දියාවෙන් පිටවන්නැයි නියෝග කර තිබේ.
කැනඩා රජය හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශන කටයුතුවලදී ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරයි. ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, කැනඩා රජය ඉන්දීය රජයට එල්ල කරන චෝදනා බරපතල බවත්, කැනඩා රජය සිදු කරන විමර්ශනවලට ඉන්දියාව සහාය පළ කළ යුතු බවත්ය.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැනඩා ඉන්දියා අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වෙයි