
එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා මෙන්ම අබුඩාඩි පාලක ලෙස ද කටයුතු කළ ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 73 කි.
ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්, වසර ගණනාවක් පුරා රෝගීවී සිටියේය. සයාද් අල් නහ්යාන්ගෙන් පසු ජනාධිපති ධුරයට පත් වන්නේ ඔහුගේ අර්ධ සොහොයුරු අබුඩාබි ඔටුන්න හිමි මොහොමද් බින් සයාද් කුමරුන්ය.
ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්ගේ අභාවය හේතුවෙන් එමිරේට්ස් රාජ්‍යයේ දින 40 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්, ලොව ධන කුවේරයන්ගෙන් කෙනකු විය. ඔහු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2004 වසරේදීය.ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්ගේ පවුලේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 150 කි.
ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්, එමිරේට්ස් රාජ්‍යයේ දෙවැනි ජනාධිපතිවරයා වූ අතර, අබුඩාඩි හි 16 වැනි පාලකයා ද විය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd