රටවල් බොහොමයක එන්නත් බෙදා දීමේ කටයුතු සිදුවන ආකාරය පිළිකුල් සහගත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබි‍්‍රයේසිස් අද (23) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, දිළිඳු රටවලට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදු කරන්නේ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොවැක්ස්’ වැඩසටහන ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය හවුල් කර ගනිමිනි.
‘රටවල් බොහොමයක් අප ප‍්‍රදානය කළ එන්නත් ලබා දී ඇත්තේ නිසි ක‍්‍රමවේදයකට නොවෙයි. පෝළිමෙන් පිට එන්නත් ලබා දීම සිදුවී තිබෙනවා. එය කිසිසේත් අනුමත කරන්න බැහැ. එසේ එන්නත් ලබාදීම පිළිකුල්සහගතයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා චෝදනා කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd