IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල එයි

කොරෝනා වසංගතය මැද, ඉන්දියාවේ තමිල්නාඩු, පුදුචෙරී, කේරළය, බංගාලය සහ ඇසෑමය යන ප්‍රාන්තවල අදියර කීපයකින් පැවැති ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට අවසන් වෙමින් පවතින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවූයේ ඇසෑම් ප්‍රාන්තයේ පමණි.

මැතිවරණ කටයුතු අදියර කීපයක් යටතේ පැවැත්වූයේ පසුගිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 29 දක්වා ය. ඡන්ද ගණන් කිරීම අද (2) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ වුණු අතර, එසැණින් ප්‍රතිඵල නිකුත් කිරීමට ද සිදුවිය.

 තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234 ක් සඳහා වන ඡන්ද විමසීම පැවැත්වූයේ අප්‍රේල් මස 6 වැනිදාය. ප්‍රතිඵල නිකුත් වෙද්දී, බහුතරයේ සීමාව ද ඉක්මවා ආසන 146 ක හිමි කර ගැනීමට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කළ 'ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' (ඩී.එම්.කේ) පක්ෂය සමත් විය.

බහුතර බලය සඳහා දිනා ගත යුතුව තිබුණේ ආසන 118 කි. 'ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' යනු තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත කරුණානිධිගේ දේශපාලන පක්ෂයයි. මෙවර මැතිවරණයේ දී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම කළේ කරුණානිධිගේ පුතු එ.කේ. ස්ටාලිං ය.

 තමිල්නාඩුවේ බලයේ රැදී සිටියේ හිටපු මහ ඇමැතිනියක වූ අභාවප්‍රාප්ත ජයලලිතාගේ 'ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ් මුනේත්‍ර කසාගම්' (ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.) පක්ෂයයි. මෙවර ඔවුන්ට දිනා ගැනීමට හැකිවූයේ වූයේ ආසන 87 ක් පමණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'භාරතීය ජනතා පක්ෂයේ සහාය හිමිවූයේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයටය.

කරුණානිධි හෝ ජයලලිතා හෝ නොමැතිව තමිල්නාඩුවේ පැවැති පළමු ප්‍රාන්ත මැතිවරණය මෙය විය. තමිල්නාඩුවේ ඡන්දය ගණන කිරීම දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ සහ නව ‘කොවිඩ්-19’ සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ පැවැත්වුණු බව ද පැවැසෙයි.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මහ මැතිවරණයෙන් මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල් කොංග්‍රසය ජයග්‍රහණය කළේ ආසන 214 ක් දිනා ගනිමිනි. බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව ආසන 294 කින් සමන්විත අතර, බහුතරය සඳහා ආසන 148 ක් දිනා ගත යුතුව තිබුණි.

ත්‍රිණමූල් කොංග්‍රසයට අභියෝග කළ 'භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 77 ක් පමණි. ආසන 140 කින් සමන්විත කේරළයේ බලය තහවුරු කර ගැනීමට 'වාමාංගික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' සමත් විය. ඒ, ආසන 99 ක් දිනා ගනිමිනි. ආසන 44 ක් දිනා ගිමින් දෙවැනි ස්ථානයට පත් වූයේ කොංග්‍රස් පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය ද වෙනම මැතිවරණයට ඉදිරිපත් වුණු නමුත් කිසිදු ආසනයක් දිනා ගත්තේ නැත.

අද (2) සවස් වනවිට පුදුචෙරි ප්‍රාන්තයේ ආසන 30 න් ආසන 23 ක ඡන්ද ගණන් කර අවසන් වූ අතර, එයින් ආසන 14 ක් දිනා ඉදිරියට පැමිණ සිටියේ එන්.ආර්. තොංග්‍රසයයි.

කොංග්‍රස් පක්ෂය වෙනම තරග කළ අතර දිනා ගත් ආසන ගණන 7 ක් ලෙස වාර්තා විය.

 ඇසෑම් ප්‍රාන්තයේ බලය පැවැතියේ 'භාරතීය ජනතා පක්ෂය' සතුවය. මෙවර මැතිවරණයේ දී එම බලය තහවුරු කර ගැනීමට 'භාරතීය ජනතා පක්ෂය' සමත් වූයේ ආසන 76 ක් දිනා ගනිමිනි.

ඇසෑම් ප්‍රාන්ත සභාව ආසන 126 කින් සමන්විතය. 'භාරතීය ජනතා පක්ෂය' ට අභියෝගයක් වූයේ කොංග්‍රස් පක්ෂයෙනි. කොංග්‍රස් පක්ෂයට ආසන 48 ක් හිමිවිය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site