IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් භූමිකම්පාව 10 ක් බිලිගනී

උතුරුදිග ඇෆ්ගනිස්තානය, රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලඹිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවෙන් 10 දෙනකු මියගිය බවත්, 260 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.

භූමිකම්පාවෙන් දරුණු හානි සිදුවූයේ බලාක් සහ සමන්ගාන් යන පළාත්වලටය. උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නගරයට ද දැඩි හානි සිදුවී ඇතැයි පැවැසෙයි. මෙම නගරයේ ජනගහනය 5,23,000 ක් යැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 28 ක් පොළොව අභ්‍යන්තරයෙන් වාර්තා වූ බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම සුලබය. භූමිකම්පාවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි සිය ගණනකට හානිවුණු බවත් ඇතැම් නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී ඇති බවත් වාර්තා වේ. 

2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, එරට බලය අල්ලාගෙන සිටින්නේ තලේබාන්වරුන්ය. තලේබාන්වරුන් ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.

භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ෂරියා නීතිය හේතුවෙන්, පළමුවෙන් ප්‍රතිකාර ලබා දීම සිදුවූයේ පිරිමින්ට බවත් පැවැසෙයි.



අදහස් (0)

ඇෆ්ගන් භූමිකම්පාව 10 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site