තෙදින සංචාරයකට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට ගිය ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායකයා මෙන්ම ඉන්දියාවේ විපක්ෂ නායකයා ද වන රාහුල් ගාන්ධිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
රාහුල් ගාන්ධි උණුසුම් ලෙස පිළිගත්තේ, ඇමෙරිකාවේ ඉන්දීය කොංග්රස් පක්ෂය නියෝජනය කරන ඉන්දියානු ඩයස්පෝරාවය.
තමන්ට අනපේක්ෂිත පිළිගැනීමක් හිමිවුණු බව රාහුල් ගාන්ධි පවසයි.
‘ඇත්තටම මා බලාපොරොත්තු නොවුණු ආකාරයේ පිළිගැනීමක් මට හිමිවුණා. ඇමෙරිකාවේ වෙසෙන සහෝදර ඉන්දීය ප්‍රජාව හමුවී ඔවුන් සමඟ ඵලදායී අයුරින් සාකච්ඡා පැවැත්වීමට මා කටයුතු කරනවා’ යැයි රාහුල් ගාන්ධි අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමෙරිකා ගිය රාහුල්ට උණුසුම් පිළිගැනීමක්