IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක නෑ

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝගයට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සිදුවනු ඇත්තේ 2026 ජනවාරි මාසයේ සිටය.

ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාවෙන් කිසිදු ආකාරයක ආධාර ලබා දීමක් සිදු වන්නේ නැත. මෙය සැබැවින්ම කනගාටුවට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති වී සිටියේ 2017 සිට 2021 දක්වා කාලයේය. ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අර්බුදයනිර්මාණය වූයේ එම කාලයේය. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය ව්‍යාප්ත වෙද්දී එය නිසි ලෙස මර්දනය නොකිරීමට කඩිනමින් පියවර නොගත් බවට ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරන බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව ද ට්‍රම්ප් පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site