
ශ්රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.
45 හැවිරිදි මමෝවා, ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී සිටින්නේ, ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවමිනි. ජේසන් මමෝවා, මෙරට තරුණ තරුණියන්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ ආදරණීය රංගන ශිල්පියෙකි.
රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මමෝවා කටයුතු කරයි. ඒ, සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඞ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරයි.

මමෝවා ඇක්වා මෑන් ලෙස රංගනයේ යෙදෙමින් ...
කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ඇගයීමට ලක් වී ඇත.
ජේසන් මොමෝවා, අන්තර් ජාලයට වීඩියෝවක් එක් කරමින්, ශ්‍රී ලංකාව පැසැසුමට ලක් කළේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බව අවධාරණය කරමිණි.
2025 නොවැම්බර් මස 04
186
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2068
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්