IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අත්අඩංගුවෙන් බේරෙන්න සැප නැවක් ගමන වෙනස් කරලා

වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් බේරී, ගමන් මඟ හිටිහැටියේ වෙනස් කරමින්, මගීන් ද සමඟ බහාමාස් රාජ්‍යය බලා පාල ගිය ඇමෙරිකානු සුඛෝපබෝගී නෞකාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘ක්‍රිස්ටල් සිම්පනි’ නමැති මෙම නෞකාව, සති දෙකක සවාරියක් අවසන් කර, පසුගිය සති අන්තයේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මියාමි බලා යාත්‍රා කරමින් තිබුණි.

කෙසේ නමුත් ඩොලර් මිලියන 4.6 නොගෙවූ ඉන්ධන බිලක් තිබීම හේතුවෙන් ඇමෙරිකා ෆෙඩරල් විනිසුරුවරයෙකු ‘ක්‍රිස්ටල් කෲසස්’ සමාගමේ  ‘ක්‍රිස්ටල් සිම්පනි’ නමැති එම නෞකාව වහා අත්අඩංගුවට ගන්නැයි වෙරළාරක්ෂක නිලධාරීන්ට නියෝග කර තිබේ. ‘ක්‍රිස්ටල් සිම්පනි’ නෞකාව ෆ්ලොරීඩා බලා යාත්‍රා නොකර, බහාමාස් දූපත් බලා යාත්‍රා කර ඇත්තේ ඒ නිසාය.

‘ක්‍රිස්ටල් සිම්පනි’ නෞකාව අයත් ‘ක්‍රිස්ටල් කෲසස්’ සමාගමට එරෙහිව නඩු ගොනු කර ඇත්තේ ‘පෙනින්සියුලා පෙට්රෝලියම්’ නමැති සමාගමය. නඩු තීන්දුව ලබා දෙද්දී, නෞකාවේ මගීන් 400 කට ආසන්න පිරිසක් සිටි බව ද පැවැසෙයි.

බහාමාස් දූපත් වෙත යෑමෙන් පසු නෞකාවේ සිටි මගීන් සියලු දෙනා ෆ්ලොරීඩාවේ ලොර්ඩේල් වරාය වෙත රැගෙන ඒම සිදු කළේ වෙනත් මගී යාත්‍රා යොදා ගනිමිනි.

(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)



අදහස් (0)

අත්අඩංගුවෙන් බේරෙන්න සැප නැවක් ගමන වෙනස් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site