
අඟහරු හෙවත් ‘රතු ග්‍රහයා’ අභ්‍යන්තරයේ, ද්‍රව ජලය සහිත සාගර ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.
නාසා විද්‍යාඥයන් මේ බව පැවැසුවේ, ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට යැවූ ‘ඉන්සයිට්’ රොබෝ ලෑන්ඩර් යානයෙන් ලැබුණු දත්ත පාදක කර ගනිමිනි.
‘ඉන්සයිට්’ රොබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑවේ 2018 වසරේදීය. අඟහරු මතුපිටින් අයිස් හමුවී ඇතත්, ද්‍රව අයිස් සම්බන්ධයෙන් සාක්ෂි හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
මෙම ද්‍රව ජලය ඇති සාගර හමුවී ඇත්තේ අඟහරු මතුපිට සිට සැතපුම් 12 ක් පමණ ගැඹුරින් අඟහරු හරය ආශ්‍රිතවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.