අනුනාහිමියන්ගේ දේහයට අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපානන්ගෙන් අවසන් ගෞරව අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ. 06 February 2018
මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි. 06 February 2018
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට විරෝධය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 06 February 2018
පරිසර ඇමති ඇතුළු පිරිසට අධිකරණයෙන් නොතීසි විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය පරිසර ඇමැති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (06) නොතීසි නිකුත් කළේය. 06 February 2018
මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත. 06 February 2018
සියලුම පාසල් 9 වැනි දා වසයි පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 06 February 2018
දළ පුට්ටුවා ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පෙබරවාරි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට මහව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා අද (6) නියෝග කළේය. 06 February 2018
දුෂණ විරෝධි පෙරමුණ පාර්ලිමේන්තු මඟ අහුරති දුෂණ විරෝධී පෙරමුණ සංවිධානය කළ විරෝධතා පාගමනක් නිසා පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි. 06 February 2018
සරසවි අනධ්‍යන සේවකයෝ වැඩ වරති ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් අද (6) සහ හෙට (7) පැය 48 ක සංකේතවැඩවර්ජනයක නිරත වීමට දිවයින පුරා විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය. 06 February 2018
බැඳුම්කර වාර්තා පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද උදෑසන 10.30 ට ආරම්භ වීමට නියමිතය. 06 February 2018
කෙහෙල්බද්දර වෙඩි තැබීමක් ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු (68) වෙඩි තබා ඝාතනය කළ බව පොලිසිය පවසයි. 06 February 2018
මාලදිවයිනේ අගවිනිසුරු - ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඞ් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 06 February 2018
මාලදිවයින් ඒකාබද්ධ විපක්ෂයෙන් මාධ්‍ය හමුවක් - පොලිසිය සීරුවෙන් මාලදිවයින තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැතැයි මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරයි. 06 February 2018
මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතාගේ නිවසට කඩා වැදුණු එරට පොලිසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්සේවය වාර්තා කරයි. 06 February 2018
ඇලෝසියස්ගෙන් සහ පලිසේනගෙන් පිටු 1000කට වැඩි කටඋත්තර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ කසුන් පලිසේන මහතාගේ කටඋත්තර පිටු 1000කට අධික බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. 05 February 2018
මහ බැංකු නිලධාරියාගේ පෙත්සම විසි කරයි බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභාවට සාක්කි ලබා දීමට සිටි මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය. 05 February 2018
අන්ජලෝ මැතිව්ස් පරෙස්සම් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පසුපස මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ඔහුට අහිමි වී තිබේ. මෙම තරග දෙක මේ මස 15 සහ 18 දිනවලදී බංග්ලාදේශයේ ඩකා සහ ෂිලාත් නගර වලදී පැවැත්වීමට නියමිතය. 05 February 2018
මාලදිවයිනේ හදිසි තත්ත්වයක් දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ. 05 February 2018
ගමේ ඉඩම් ගමටයි වනාන්තරයේ ඉඩම් වනයටයි - අගමැති මන්නාරම සිලාවතුරේ ගමට අයිති ඉඩම් ගමට ලබා දිය යුතු බවත් ඓතිහාසික වනාන්තරයට අයිති ඉඩම් වනාන්තරය සමඟ තිබිය යුතු බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) මන්නාරමේදී කියා සිටියේය. 05 February 2018
වසර 28කට පසු පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය විවෘත කරයි වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව - කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය අද (05) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය. 05 February 2018
ලක්ෂ 28ක් වංචා කළැයි එජාප අපේක්ෂකට ඇප රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතු වලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් 2 800 000 අධික මුදලක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 30 ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියම කළේය. 05 February 2018
බත්තරමුල්ල ඉලක්ක කරගනිමින් ඉදිකරන දුම්රිය මාර්ගය මේ වසර අග බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකරන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය මෙම වසර අග භාගයේ දී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 05 February 2018
හිටපු ජනපති මහින්දගෙන් බෙල්ලන්විල අනුනාහිමිට අවසන් ගෞරව අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ. 05 February 2018
කවුද හොරා එළිදකී දිවයින මාධ්‍යවේදී ශ්‍යාමි නුවන් ගනේවත්ත සම්පාදනය කරන ලද ’’කවුද හොරා ’’ කෘතිය ජනගත කිරීම බොරැල්ලේ පිහිටි එන්.එමි.පෙරේරා කේන්ද්‍රයේ දී අද (05) සිදුකෙරිණි . 05 February 2018
දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම - 4ක් මරුට කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි. 05 February 2018
බදු නොගෙවීයැයි ඇලෝසියස්ගේ අරක්කු නිෂ්පාදනාගාරයට තහනමක් බදු ගෙවීම පැහැර හැරීම නිසා අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් සමූහයට අයත් මත්පැන් නිශ්පාදනාගාරයක වැඩකටයුතු තහනම් කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. 05 February 2018
කනේ පහර කෑ මාධ්‍යවේදියාගෙන් මාස 4 කට පසුව තවත් පැමිණිල්ලක් හම්බන්තොට දී පැවැති විරෝධතාවයකදී පොලිස් අධිකාරීවරයෙකු විසින් කණේ පහරක් එල්ල කලැයි කියන මාධ්‍යවේදියා සාධාරන පරීක්ෂණයක් ඉල්ලා හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇතැයි පොලිස් ආරංචි කියයි. 05 February 2018
පණ පිටින් ශීතකරණයේ සිටි කබැල්ලෑවා බේරාගනී කොල්ලුපිටිය වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු දමා තිබියදී අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 05 February 2018
2008 ඉඳන් මහ බැංකුවෙන් හොරකම් කළ අයට සමාවක් දෙන්නේ නෑමයි - ජනපති මෛත්‍රී පසුගිය ආණ්ඩුවේ සොරුන්ටයි මේ ආණ්ඩුවේ සොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද වව්නියාවේදී කියා සිටියේය. 05 February 2018
තංගල්ල ප්‍රා සභා සභාපතිගේ අපෑල සලකා බැලීම තවත් කල්යයි බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු අධි චෝදනාවන්ට වරදකරු කර 20 වසරක සිර දඬුවමක් නියම කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ නැමැත්තා සහ අනෙක් චූදිතයින් සිව්දෙනා තමන්ට පනවා ඇති සිර දඩුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇපෑල පෙත්සම් සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කර ඇත. 05 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026