(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද (05) දහවල් රෝහල් පරිශ්‍රය තුළදී ම තවත් වෙද්යවරයෙකුට පහරදී තිබේ.
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථගාලේ වෙනත් වෛද්‍යවරුන් ඔවුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර තිබේ.
තුවාල ලැබු වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම රථගාලේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් මෙයට පෙරද විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් අතර ගැටුම් හට ගෙන තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවක් පැවත්වන බවය.
ඔවුන් පැවසුවේ මෙම වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්ද ඉල්ලා සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තෝ ජටා බහි ජටා....
මම හිතන්නේ අපි ඔක්කොම රතන සුත්‍රය කියන්න ඕනි... රට විනාශ වෙන්න යන්නේ... යක්කු වැහිලා වගේ ඔක්කෝටම..
අනේ රතන සුත්‍රය විනාස කරන්න එපා
ත්‍රී වීලර් රථගාලේ ඔයිට වඩා විනයක් ඇති පිරිසක් සිටින බව අපි නම් දැනගෙන බොහෝ කල්. ව්භාගයක් සමත් වෙලා, දොස්තර පට්ටමට ගත්තට, වැදගත් කම, එහෙම ගන්න බැහැ කියලා අපේ රටේ වෛද්‍යවරු දැන්වත් තේරුම් ගත යුතුයි.
දොස්තරලා වර්ජනයක්වත් පටන් ගනීවිද? කාලෙකින් එකක් කලේ නැති නිසා මේ අයවත් හේතුවක් වේවිද ස්ට්‍රයික් එකකට?
මේ සියල්ලට මුල මේ අයගේ මාන්නයයි.
ඔය කරාපිටියේ පිළිකා රෝහල පාරේ වෛද්‍යවරුන්ට ලියලා දීලා තියෙන්නේ. සාමාන්‍ය පුරවැසියෙකුටවත් වාහන නවත්වන්න දෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ක්‍රියාකල යුතුයි.
විශේෂඥ කියන කොට්ඨාශය අහසින් පහත් වූ කණ්ඩායමක් කියලයි හිතා ඉන්නේ . මොකද හවසට විනාඩි 10 ට රුපියල් 1500 ගානේ ලක්ෂ ගණනින් හොයන නිසා. මේ තත්වය ලංකාවේ විතරයි.
කාටද ආඩම්බර ? මුල මතක නැති කෙනෙක් කරපු හදිය රට පුරා මොන්ටිසෝරියේ සිට වෘත්තිකයන් දක්වාම පැතිරිලා !
ගොමට එරෙහිව ගොම
උගත් වෙන්න බුද්දිමත් වෙන්න, ඒ අය නිහතමානී වෙන්න ඔනනේ, ඒ එදා අපි උගත් දේ එත් අද රටේ උතුම්කොට සලකන මෙයාලත් දැන් යක්කු වගේ, අබුදස්ස කාලේ.....?
විශේෂඥ ගෝරියක්....
නැහැදිච්ච අයගේ ජන්ම ගතිය අරින්න බැහැ කියනවනේ... උගත් කියලා සමාජය විසින් පිළිගන්න අශිෂ්ඨයෝ තමයි මේ...
මේ ඉගෙන ගත්තයි කියන අයනේ. මේ අය පාර්ලිමේන්තුවට යැව්වත් වෙන්නේ පසුගියදා වුණු දේ තමයි...
GMOA එකේ අය දැක්කම පේනවා මොන මදාවියෝද දැන් දොස්තරලා වෙලා ඉන්නේ කියලා...
නැහැදිච්ච අයගේ ජන්ම ගතිය අරින්න බැහැ කියනවනේ... උගත් කියලා සමාජය විසින් පිළිගන්න අශිෂ්ඨයෝ තමයි මේ...
මේ අය තමා අහිංසක ලෙඩ්ඩු මරන්නේ .
වෛද්‍යවරු කියන්නේ අහසින් වැටුණු කොටසක් නොවේ මේ සමාජයේම කොටසක්. මේ පෙන්වන්නේ සමාජයේම පිරිහීමයි. හැම වෘත්තියකම තත්වය ඔහොමයි. පසුගිය අවුරුදු තුන තුල ක්‍රමයෙන් රට විනාශයටම යනවා.
එදා වෙදදුරු දෙවිවරු කියලනේ කීවේ, අද දොස්තර යක්කු වගේ මොකද මේ වෙනස? සල්ලි සහ තණ්හාව.......
දොස්තරවරුන් ගැන සමාජ මතය මෙම ප්‍රතිචාර වලින් නිරූපණය වන බව දොස්තර ගොල්ලන් දැනගනිත්වා.............
බුදුවරුන් හැර අන් ඕනෑම කෙනෙක් මොනයම් හැකියාවක් ලබන්නේ අසා දැන ඉගෙනගෙනයි එමනිසා ඔවුනට ලොකු ඔලුව ගන්න බැහැ . එහෙම ලොකු ඔලුව ගන්නවානම් ඉපදුන දා පටන් කිසිවෙකුගේ ඉගැන්වීමේ පිහිට නොමැතිව ස්වයන්බුද්ධියෙන් සියලු දේ දැනගත යුතුයි .. එහෙම කව්රු හරි ඉන්නවාද ? හැබැයි ලංකාවේ දොස්තරලානම් හිතන් ඔවුන් දැනුම ලබාගත්තේ ඒ විදියට කියලයි එකනේ අලි ඔලුවෙන් ඉන්නේ .ඒ වගේම කෙටි සටහනක් කරමි පසුගිය දිනක සුළු ශල්‍ය කර්මයකට භාජනය නිවසට පැමිණියෙමි ඊට පසුදින ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා විසින් නිවසට කතා කර මගේ සුව දුක් සොයා බැලීමි . ඔවුන් එතරම් නිහතමානියි .
ඔය ලෙඩුන් සුවපත් කරන්න තියෙන උනන්දුව නිසා නේ.