බැඳුම්කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10 ක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය. 02 February 2018
ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම රටවල් 118කදී ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ලෝකයේ රටවල් 118ක අනිද්දා (4) දිනයේදී සැමරුම් උත්සව පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 02 February 2018
රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වැටුප් විෂමතාවයක් මුල්කරගනිමින් කොළඹ වරායේ ආනයනික අංශයේ රේගු නිලධාරීන් ආරම්භ කළ අතිකාල සේවයෙන් ඉවත්වී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අද(02) සවස 3.00 ට අත්හැර දැමූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය. 02 February 2018
ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක් ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ. 02 February 2018
පර්පචුවෙල් වත්කම් තුන්වන පාර්ශ්වයකට පැවරීම වළක්වන නියෝගයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් තුන්වැනි පාර්ශ්වයකට පැවරීම, තෑගි දීම, බැහැර කිරීම ආදිය වලක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරන්ත මහත්මිය අද නියෝගයක් නිකුත් කළාය. 02 February 2018
අනුරාධපුර මහාධිකරණයට යොමු කළ නඩුව යළි වව්නියාවට දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නීතීපතිවරයා අනුරාධපුර මහාධිකරණයට යොමු කළ නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියම කළේය. 02 February 2018
දිගම ඔසරිපොටේ වාර්තාව මාස දෙකකට පසු මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251 ක් සහභාගී කරවීම සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සැකැසූ විමර්ශන වාර්තාව ආණ්ඩුකාර ලේකම්වරයාට අද(2) බාර දී ඇත. 02 February 2018
ඇමැති රිෂාඩ්-බැසිල් අධිකරණයට කැඳවයි ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත්වරුන්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතීසි බාර දෙන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කෙළ්ය. 02 February 2018
එඩ්වඩ් කුමරු පිළිගැනීම ගැන තොරතුරු අසත්‍යයි - විදේශ අමාත්‍යංශය හැත්තෑ වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු බවට කරුණු කිහිපයක් ඇතුළත් කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වන ප්‍රචාර අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 02 February 2018
එඩ්වඩ් කුමරුත් ආර්යාවත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බලන්න යති ශ්‍රි ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුම් උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වී සිටින දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පුත් එඞ්වර්ඞ් කුමරු හා එම ආර්යාව අද දින නුවරඑළිය පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පිහිටුවා ඇති මෙන්කැෆේප් පාසල නිරීක්ෂණය කිරීමට එක් වූහ. 02 February 2018
දෙමළ ජාතික සන්ධානය නිදහස් උළෙලට එන්න බෑ කියයි 70 වන ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවය සදහා තමා සහභාගී නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දී ඇත. 02 February 2018
ගුරුනගර්හි අක්කර දෙකක් යළිත් මුල් හිමිකරුවන්ට වසර 25 ට අධික කාලයක් පුරා යාපනය කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුරුනාතර් ස්වාමි කෝවිල පිහිටි අක්කර දෙකක් වු ඉඩම් අද (2) සමාන්‍ය ජනතාව වෙත ලබා දී ඇත. 02 February 2018
ගුරුවරුන්ට ඡන්දය අහිමි කළැයි මැතිවරණ කොමිසමට පැමිණිලි ගල්ගමුව, මාදම්පේ සහ පිටකෝට්ටේ පාසැල් තුනක විදුහල්පතිවරුන්ගේ නොසැලකිල්ල නිසා ගුරුවරුන්ට තැපැල් ඡන්දය අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. 02 February 2018
මහේන්ද්‍රන් - අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය. 02 February 2018
මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව නඩුව විභාගයට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත. 02 February 2018
අපේක්ෂකයන්ට ඉල්ලා අස්වෙන්න බෑ - මැකෝ කියයි මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දුන් කිසිදු අපේක්ෂකයකුට ජන්දයට පෙර ඉල්ලා අස්වීමට නොහැකියැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 02 February 2018
හිඟුරක්ගොඩ රෝහලේ රෝගීන්ට පිටතින් කෑම ගන්න කියයි හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන්ට ඊයේ උදැසන සිට මේ දක්වා ආහාර ලබා නොදුන් බව රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීයොහු කියති. 02 February 2018
ඡන්ද කොල්ලකෑවොත් වෙඩි තියන්න බලය මෙවර පළාත් පාලන මැතිවරණ ඉතාමත් සාමකාමීව හා සාධාරණය පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් ඡන්ද මධ්‍යස්ථාන වලට කඩා වැදී ඡන්ද කොල්ල කෑම ඇතුලු ප්රචණ්ඩ ක්‍රියා වල නිරත වන පුද්ගලයින්ට වෙඩි තැබීමට දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්ති යටතේ පොලිස් නිලධාරීන්ට බලය දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. 02 February 2018
ගෝඪාභයගේ ප්රතිචෝදනා අයදුම්පත ප්‍රතික්ෂේප කරයි ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝට් 1140 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් තමා ඇතුළු පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ ප්රතිචෝදනා අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් නිශ්ප්‍රභා කරන ලදී. 02 February 2018
මයෝන් මුස්තාපා බාරවෙයි මොහෙමෙඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමට තැත්කළ බවට චෝදනා ලැබ වසර 8ක් තිස්සේ අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තාපා මහතා නීතිඥයෙක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවිය. 02 February 2018
ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති - ලේකම් ඇප මත මුදාහරී යුධ ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලදී. 02 February 2018
මන්ත්‍රී සරණ ගුණවර්ධන පෙර ඇප මත මුදාහරී සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා ගනිමින් රජයට පාඩු සිදුකළා යැයි අල්ලස් නඩු 3කට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් පෙර ඇප මත මුදා හැර ඇත. 02 February 2018
ඇතා පහර දීමෙන් බෙල්ලන්විල විමලරතන හිමි රෝහලේ බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇත. 02 February 2018
ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා දිවි නසාගනී කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. 02 February 2018
සාක්කි වසන් කළ තවත් පොලිස් ලොක්කන් තිදෙනකු ගැන සොයයි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ වැදගත් සාක්කි නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් උසස් පොලිස් නිලධාරීන් තිදෙනකු ගැන විමර්ශන අරඹා ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. 01 February 2018
දරුවාට දුන් දඬුවමට කිපී 6 ක් එක්ක ඇවිත් ගුරුවරයාට ගහලා කල්පිටිය ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයකු සිසුවකුට දඬුවම් ලබා දිමට කුපිත වු දරුවාගේ පියා ඇතුළු හය දෙනෙකු අද දින උදෑසන පාසලට කඩා වැදි අදාල ගුරුවරයාට පහර දි ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 01 February 2018
පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 01 February 2018
පර්පචුවල් ටෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි පර්පචුවල් ටෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 01 February 2018
ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (01) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 01 February 2018
දංකොටුවෙන් ලක්ෂ 15ක හෙරොයින් සිංග්ගක්කුලිය ප්‍රදේශයේ නිවෙසක් අද (01) වැටලීමෙන් එහි තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිණා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකසිය විසිපහක් සමඟ සැකකරුවන් 04 ක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 01 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026