බැඳුම්කර විවාදය දිග්ගැසෙන ලකුණු මහ බැංකු බැඳුම්කර සහ මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය දිනකට සීමා කළ යුතු නැති බවත් පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදාගැනීමේ බාධාවක් නැති බවත් කතානායක කාර්යාලය පවසයි. 01 February 2018
ඌව මහ ඇමැතිගෙන් පැය තුනක ප්‍රකාශයක් විදුහල්පතිනියක් දන ගැස්සවීමේ චෝදනාවට ලක්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද (01) පෙනී සිටියේය. 01 February 2018
ෆයිසර් සහ කිරිඇල්ලට මැතිවරණ කොමිෂමෙන් පරීක්ෂණයක් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාෆා යන ඇමතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන අතර ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 01 February 2018
ලිත් නඩුව අත්හිටුවන අතුරු නියෝගය දිගු වෙයි ජනාධිපතිවරණ පනතට පටහැනිව පසුගිය ජනපතිවරණ සමයේදී ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරු නියෝගය ලබන මාර්තු මස 16 වනිදා දක්වා දීර්ග කිරීමට අභියාචනාධිකරණය අද (01) නියම කළේය. 01 February 2018
වැල්ලවත්ත වෙරළෙන් මළ සිරුරක් හමුවෙයි වැල්ලවත්ත දුම්රියපොළ අසල මුහුදු වෙරළේ ගල්පර අතර සිරවී තිබී වයස අවුරුදු 25-30ක පමණ තරුණයකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද (01) සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 01 February 2018
ලසන්තගේ ඝාතනයට ගල්කිස්සේ හිටපු ඕඅයිසී අත්අඩංගුවට සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (1) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 February 2018
ආනයනික රේගු නිලධාරීන් අකුරට වැඩ වැටුප් විෂමතාවයක් මුල්කරගනිමින් කොලඹ වරායේ ආනයනික අංශයේ රේගු නිලධාරීන් අද (01) සිට අතිකාල සේවයෙන් ඉවත්වී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය. 01 February 2018
තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසයි තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණ විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 01 February 2018
අල්ලස් ගත් කොස්තාපල්ට වසර 20 ක සිරදඬුවම් මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ්‍රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවු 01 February 2018
සෝමාවතිය වනය වැනසූ හතරකට දඩ සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි වටිනා දැව විනාශයක් සිදු කරමින් සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනකුට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා අද(01) නියෝග කළේය. 01 February 2018
මන්ත්‍රීට පහර දුන්නැයි විරෝධතා දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතාට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු පහරදුන්නැයි විරෝධය පළකරමින් සුරියවැව පොලීසිය ඉදිරිපිට අද (01) විරෝධතාවක් පැවැත්විණි. 01 February 2018
මහින්දට එරෙහිව නීතිමය පියවර ගත්තත් ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ඉඩදෙන්නේ නෑ - ඩිලාන් ස්වාධීන රූපවාහිනියේ නොමිලයේ දැන්වීම් පළකරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති බව කී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් සිදුවිය යුතු බව ද කීවේය. 01 February 2018
ජපානයේ වැඩිහිටි නිවස්නයක ගින්නකින් 11 ක් මරුට ජපානයේ උතුරු දිග සැපෝරෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියගොස් ඇත. අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මහල් තුනකින් සමන්විත නිවස්නයක් වන මෙහි 16 දෙනකු වාසය කළ බව බලධාරීහු පවසති. 01 February 2018
සයිටම් විරෝධී බැනරයකට අත්සන් කරති නම වෙනස් කර සයිටම් නිතීගත කිරීමේ කුමන්ත්‍රණය නවත්තැන්නැයි ඉල්ලමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහජනතාවගෙන් බැනරයකට අත්සන් ගැනීම කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදි අද (01) සිදුකෙරිණි. 01 February 2018
මාතර හිමිවරු පිරිසක් පාරට බසති මාතර නගරයේ ගංවතුරින් හානියට පත් විහාරස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ඡන්දයට පෙර ලබාදෙන්නැයි ඉල්ලා විහාරාධිපති හිමිවරුන් පිරිසක් අද (1) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. 01 February 2018
හිටපු උප පොලිස්පති වාස්ගේ නඩුව මාර්තුවේ විභාගයට මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු වු නිපුණ රාමනායක නැමැත්තාට පහර දී කෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ පුතා සහ පොලිස් නිලධාරින් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 15 වැනි දා සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණය තීරණය කළේය. 01 February 2018
ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය. 01 February 2018
කොළඹ දැඩි මාර්ග තදබදයක් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින පුහුණුවීම් හේතුවෙන් ප්‍රදේශ රැසක දැඩි වාහන තදබදයක් හටගෙන ඇත. 01 February 2018
ඌව මහ ඇමැති දෙලොවක් අතර බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සහභාගී වීම අවිනිශ්චිත බව ඒ මහතාගේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ. 31 January 2018
සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 31 January 2018
දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් හොංකොං නගරයෙන් චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි. 31 January 2018
පැය 4ක හදිසි සෝදිසි මෙහෙයුමකදී 1716ක් අත්අඩංගුවට අපරාධ නිවාරණය සඳහා දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පැය 4 ක් පුරා සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1716 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 31 January 2018
ජල සම්පාදන සේවකයෝ වැඩවර්ජනයකට සැරසෙති ජල සම්පාදන සේවකයෝ අනිද්දා (02) දින යළිත් පැය හතරක වර්ජනයකට එළැඹෙන බවත් එයටත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නැත්නම් අඛණ්ඩ වර්ජනයකට යන බවත් ජල සම්පාදන වෘත්තිය සමිති පවසති. 31 January 2018
එජාපයත් ශ්‍රිලනිපයත් තවත් කුමන්ත්රණයක - බන්දුල මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 31 January 2018
ෆයිසර්ට - කිරිඇල්ලට එරෙහිව පැමිණිල්ලක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද දායකයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ සිදු කරන බව සඳහන් කරමින් ලිඛිත පැමිණිල්ලක් නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මැතිවරණ කොමිසමට අද (31) බාර දෙනු ලැබීය. 31 January 2018
නේවි සම්පත් අත්අඩංගුවට ගන්න මහජන සහය පතයි 2008-2009 වසර වලදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 31 January 2018
පොලිස් ආබාධිත රණවිරු සංගම් ලේකම් - සභාපති රිමාන්ඩ් අයුතු ජනරාශියක සමාජිකයින් ලෙස කටයුතු කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි නියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 31 January 2018
සහකාර මැතිවරණ කොමසාරිස් වන්දනා බසයට නැග පත්‍රිකා බෙදයි මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඡන්ද දායකයින් වෙනුවෙන් සංවිධානය කරන වන්දනා ගමන් නතර කළ නොහැකි තැන මාතලේ දිස්ත්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා එම වන්දනා බස්රථවලට නැග මෙය නීති විරෝධී ක්‍රියාවකැයි සඳහන් පත්‍රිකා බෙදා ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. 31 January 2018
එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් වෙයි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 31 January 2018
යාපනයේ කුඹුරක ළිඳකින් කොටි ආයුධ තොගයක් යාපනය අරාලි උතුරු ප්‍රදේශයේ කුඹුරක අතහැර දමන ලද ළිඳක තිබූ යුද උපකරණ රැසක් සොයා ගත් බවට යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි. 31 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026