(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද (5) පැවසීය.
පවතින අර්බුදයට කෙටිකාලීනව දිය හැකි හොඳම විසඳුම මහමැතිවරණයක් කැඳවීම බවත් පෙන්වා දුන් දිසානායක මහතා එසේ නොමැති නම් ඒ සඳහා සුදුසුම යෝජනාව ඉදිරිපත් කරන ලෙසට මහමැතිවරණයකට යාම ප්‍රතික්ෂේප කරන පිරිස් වලින් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
ප්‍රජාතාන්ත්‍රික එකමුතුව කොළඹ මහවැලි කේන්දු‍්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේ ද කීවේය.
‘‘ රටේ මතුවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය ක්‍රමානුකූලව විසදෙන පැත්තකට යොමුවෙනවා වෙනුවට ඉතාමත්ම ගැඹුරු පැත්තකට ගමන් කරමින් තිබෙනවා. මෙම ව්‍යාකූලත්වය තව තවත් වර්ධනය වුණොත් එහි ප්‍රතිඵලය කෙන්යාව, සම්බාබ්වේ, සෝමාලියාව වගේ රටක් බවට අපේ රට පත්විය හැකියි.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන සියලූ ආයතන මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන බවක් අපිට පේන්න නැහැ. අර්බුදය ව්‍යාප්ත කිරීම සහ ගැඹුරු කිරීම සඳහා මේ ආයතනවල තීරණ බලපානවා නම් ඒ හැමදේටම වඩා මෙම අර්බුදය විසඳාගැනීම පිද අවධානය යොමුකරන්න කියලා අපි මෙම ආයතන තුනටම කියනවා.
මෙම ව්‍යාකූලත්වයෙන් ගැලවීම සදහා මහමැතිවරණයකට යන්න ඕන කියන කාරණාව අපි දිගින් දිගටම මතු කළා. නමුත් මහමැතිවරණයකට යන්න ඕන කියන කාරණාව විවිධ පාර්ශව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.
බොහෝ දුරට ඒ සදහා බලපාලා තියෙන්නේ තම තමන්ගේ දේශපාලන බල වයාපෘතියි. ප්‍රජාතාන්ත්‍රික එකමුතුව විදියට අපි මේ කිසිම පාර්ශවයක් සමග ගැටුමක් හෝ කිසිම පාර්ශවයක පැත්තක් ගැනීමට අපි සූදානම් නැහැ.
මහමැතිවරණයකට යාම නොවේනම් මේකට තියෙන විසදුම මොකක්ද ඔබ යෝජනා කරන විසදුම කියළා එම පාර්ශව වලින් අපි විමසනවා. ඒ විසදුමට අපි උදව් කරන්න කැමතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමැතිවරණයකට යාම තමයි විසඳුම. එ්ත් ඊට පෙර ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ආණ්ඩුව භාරදිය යුතුයි. මහින්දට අවශ්‍ය ආණ්ඩුබලය අතේ තබාගෙන සියලුම රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ඡන්දයට යාමට. එයට ඉඩදිය නොහැකියි.
කථිකාචාර්ය වුණාට වැඩක් නෑනේ.. ගැටළුව තේරුම් ගන්න තරම් මනසක් නැතුව... නිකන් හරි රනිල් අායෙත් දින්නොත් අරයා අායෙත් විසුරුවලා ඡන්දයකට යාවි. අායෙත් රනිල්ම අාවොත්, අායෙත් ඡන්දයකට යාවි. හොඳම දේ ගැටළුව විසඳගෙන ඡන්දයකට යෑම. මේ යන විදියට මහමැතිවරණයකට ඉස්සෙල්ලා බොහෝ දුරට ජනාධිපතිවරණයක් ඒවී.
රනිල් මහතාට අගමැතිකම දීල ඔහුට බහුතරය ලබාදීමට උදව් කල දෙමළ සන්ධානය සමග වූ එකගතාවයට අනුව නව ව්‍යවස්ථාවෙන් උතුරට ෆෙඩරල් දෙමු. එකනේ සම හරක්ට ඕනේ.
දේශපාලනයනම් නියම විශ්ලේෂණයක් ලබා දෙන්න
මෙවැනි අර්බුදයක් ඇති වුණේ කොහොමද කියලා අමතක වෙලා එහෙම නැත් නම් හිතා මතා අමතක කරලා .ජනාධිපතිතුමා අගාදයකට ඇදලා දැම්මේ ස්ථාවර ව තිබුණු පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවක් ව්‍යවස්ථා විරෝධී ව වෙනස් කරේ ඇයි ද කියන එක තේරෙන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ .මොකද ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තතු දත්තෝ හොඳින්ම දන්නා බැවිනි .මෙම ව්‍යාකූලත්වය ට හොඳම විසඳුම වන්නේ මහමැතිවරණයක් නම් පැවති නීිත්‍යානුකූල රජය යටතේ එවැන්නක් පැවැත්වීමට කිසිදු බාධාවක් නොතිබුණ බව විශේෂයෙන් අවබෝධ කර ගත යුතුය .
කෙන්යාව දියුණු වෙමින් පවතිනවා... මෙතුමා මොකක් ගැනද කියන්නේ මේ?
මහින්ද මහත්තයට බලය දීලා චීනෙට ලංකාවෙන් භාගයක් දෙමු. මේ දෙන්නටම බලය නොදිය යුතුයි. විකල්පයක් හොයමු.
කෙන්යාවේ තියෙන ප්‍රශ්නේ මොනවද? මම කෙන්යවේ ඉන්නේ. මට නම් මේ කියන තරම් ප්‍රශ්නයක් දකින්න නැහැ...
පොළොන්නරුවේ ගොවි මහත්තුරු අම්බරුවන් හොයනවා කියලා ආරංචියි. ඔන්න චාන්ස් එක අපේ ජනාධිපතිතුමාට.
මෙයා බැසිල්ගේ උපදේශකයෙක් , පොඩ්ඩක් හොයලා බලමුද?
මෙයා බැසිල්ගේ උපදේශකයෙක්..
පිළිතුර හරිම සලරයි . මේ ජනාධිපති බහුතරයට ගරු කරන්නේ නැහැ . ආයෙම ඡන්දයකින් ඔහු අකමැති කෙනෙක් අගමැති කරන්නෙත් නැහැ 225 කැමති උනත් බහුතරය තිබුණත් . හොදම උත්තරය ජනාධිපති වරණය ප්‍රථම . එවිට ව්‍යවස්ථාවට ගරු කරන ජනාධිපති කෙනෙක් යටතේ මහා මැතිවරණයක් පැවැත්විය හැක . දැන් බහුතරය තිබෙන යට ඉඩදී ජනාධිපති වාරණයක් පවත්වා මෙය පහසුවෙන් කල හැක . බහුතරයත් පිළිගන්නේ නැතිනම් ඔහුගේ ගෙය වටලා ජනතාවගේ ශක්තිය පෙන්වමු .
ඔක කියන්න සිදුවීමම ලොකු දෙයක්...............
පළමුවැනි විසදුම විරුද්ධව විස්වාසභංග යෝජනාවක් ගෙන එ්ම , දෙවනුව හොර ගුහාව විසුරුවා හරිම.
නියම දේශපාලන විචාරකයෙක්. මොහු හදන්නේ ලංකාව බල ලොභී දේශපාලකයන්ගේ කෙලි බඩුවක් කරන්න. එදාට මේ රට සෝමාලියාවට අන්ත වනවා සිකුරු. පළමුව නීතිමය තත්ත්වය නිවැරදි කරන. දෙවනුව ව්‍යවස්ථාවට අනුව මැතිවරණයකට යන්න. සියලු දේ ව්‍යවස්ථාවට අනුව විය යුතුය.
සිරිසේන ජනාධිපතිට පුළුවනි 2020 වෙනක් පාලනය ගෙනයන්න! ඔහු කෙලින් තීන්දු ගන්න නායකයෙක්.