පොලිස්පති නෙරපන යෝජනා සම්මතය විවාදය අගෝස්තු 5 පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 24 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හරය ඇත්තේ රනිල්ගේ ධවල පත්‍රිකාවේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හරය තිබෙන්නේ රනිල් 1981 දී ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
සයිබර් වංචාකාර විදේශිකයෙක් පිටුවහල් කරයි සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මගියෙකු , මෙරටට පැමිණීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද(/24 ) ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. 24 July 2025
නවය වසරේ සිට කැමති පාරක යන්න සිසුන්ට අවසර නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24)4නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. 24 July 2025
අධ්‍යාපනයේ බර මවුපියන්ට දෙන්නේ නෑ අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවන ක්‍රමය වෙනස් කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 24 July 2025
එක විෂයක් ගැන නොබලා සමස්ත වෙනස ගැන බලන්න එක විෂයක් ගැන පමණක් නොබලා අධ්‍යාපනයේ සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්රීනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. 24 July 2025
ඉතිහාසය -සෞන්දර්ය අනිවාර්ය කර නෑ ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි?දැයිගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 24 July 2025
2029 දී ශිෂ්‍යත්වය ගැන යළි තීරණයක් ගන්නවා 2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 July 2025
සංකල්ප පත්‍රිකාවක් නැතුව විවාද කරන්නෙ කොහොමද? අධ්‍යාපනයේ තිබෙන කට පාඩම් ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රට සහ ලෝකය මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි පුරවැසියන් නිර්මාණය කරන්නට අධ්‍යාපනය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්රකාශනයට අත්සන් තැබීය. 24 July 2025
ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා ලෝකය අපේක්ෂා කරන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගන්නා බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2025
රුසියන් ගුවන් යානයක් කඩා වැටේ රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි. 24 July 2025
පිළිකා රෝහලේ දරැවන්ගෙ බෙහෙත් හිගයි මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ගේ ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ(24)පැවසුවාය 24 July 2025
රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි ’’ඔබතුමා කට වහගන්න’’ යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය. 24 July 2025
මන්ත්‍රී රෝහිතගේ බෑන අධිකරණයට බාර වෙයි එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පා.මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑන මතුගම අධිකරණයට මීට සුළු මොහොතකට බාර විය. 24 July 2025
එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. 24 July 2025
දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතුයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 July 2025
රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් ඊයේ(24) නැගෙනහිර අමූර් ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය. 24 July 2025
වැලිගම බලය සජබට පක්ෂ විපක්ෂ දැඩි තරගයකින් පසු වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම හිමිකරගත්තේය. 24 July 2025
තායිලන්තයත් කාම්බෝජයත් ඇවිලෙයි තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් නිර්මාණය වී ඇත. ඒ, දෙරට දේශසීමාවේ සිදුවුණු ප්‍රහාරවලින් අනතුරුවය. 24 July 2025
සිහින නගරය විවෘත කරන්න රිතික් දිවයිනට ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා තමන් එළඹෙන 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කෙටි වීඩියෝ පණිවුඩයක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 24 July 2025
තුර්කි අධ්‍යාපන ඇමති එයි ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 3 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ( Yusuf Tekin ) මහතා ඇතුළු දූත පිරිසක් අද(24 )අලුයම දිවයිනට පැමිණියහ. 24 July 2025
දුම්රිය ස්ථාන සීයක් මාස හයකින් අලුත් වෙයි දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 24 July 2025
වන අලියාගේ පහර කෑ විවාහකයා මරුට පොත්තේගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අලියාගේ පහර කෑමට ලක්ව අද (24) එම ස්ථානයේම මියගිය බව එප්පාවල පොලිසිය කියයි. 24 July 2025
වෙඩිකරුවකුගෙන් සෞඛ්‍ය නිලධාරිය අනූනවයෙන් බේරෙයි සෞඛ්‍ය පරිපාලන නිලධාරියකු ඉලක්ක කර දෙහිවල සත්වෝද්‍යානය අසල ධර්මපාල පාරදී වෙඩි තැබීමක් සිදු කළ ද ගිනි අවිය පත්තු නොවීම නිසා සෞඛ්‍ය පරිපාලන නිලධාරිය අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. 24 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 July 2025
කලු ජූලිය සහෝදරත්වයේ දිනයක් කරයි රටේ නැවතත් කිසිදු ලෙසකින් ජාතිවාදී යුද්ධයක් ඇතිවීමට තරුණ පරම්පරාව ඉඩ නොතබන බව බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා යාපනයේ දී පැවසීය. 24 July 2025
වන ජීවී කළමනාකරණයට අලුත් විෂයක් ඕනෑ වනජීවී කළමනාකරණය යනුවෙන් විෂයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 24 July 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026