දකුණු පළාත් සභාවේ ගාල ගෝට්ටියක් කොළඹදී පැවති ජනබල මෙහෙයුමට යාමට පෞද්ගලික බස්රථ ලබා නොදීමත් ජනබලයට සහභාගී වු අයට වස සහිත කිරි පැකට් ලබාදුන් බවටත් චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අදහස් ප්‍රකාශ කරන්නට වීමත් සමඟ අද (11) පැවති දකුණු පළාත් සභා රැස්විම ගාල ගොට්ටියක් බවට පත්විය. 11 September 2018
නීතීවිරෝධිව ඕස්ට්‍රේලියා ගිය නව දෙනෙක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු , එරටින් පිටුවහල් කර අද(11) උදෑසන යළිත් ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි . 11 September 2018
සිරකරු දිනයදා පිටතින් ගෙනෙන කෑම බීම සීමා කෙරේ ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පවුල් අතර හමුවේදී ඥාතීන් විසින් ඔවුන්ට ගෙන එනු ලබන කෑම බීම සීමා කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය ගෙන ඇති තීරණය නිසා රැඳවියන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි සිරකරුවන් සුරැකීමේ කමිටුවේ ලේකම් සුරේෂ් නන්දිමාල් මහතා පවසයි. 11 September 2018
මරණීය දණ්ඩනය සැළසුම් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ කණගාටුව ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවාය. 11 September 2018
ඩීසල් මිල වැඩි කිරීමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට ඔටෝඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් ඔවුන්ගේ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අද(11) තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. එල්. ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. 11 September 2018
ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම තහනම් කරයි හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (11) නියෝගයක් නිකුත් කළාය. 11 September 2018
ඉණේ ගසා ගිය මත්පැන් බෝතලය කුඩුවී බඩ කැපී මරුට මාමඩල හංගන්වගුර මාර්ගයේ දී තරුණයකු සිය යතුරුපැදිය නතර කිරීමට ගිය විට යතුරුපැදියත් සමඟ වැටී ඔහුගේ ඉණේ ගසාගෙන සිටි මත්පැන් බෝතලය කුඩුවී උදර ප්‍රදේශයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බව අම්බලන්තොට පොලිසිය පවසයි. 11 September 2018
මන්ත්‍රී සනත් ඇමැති පාඨලීට අභියෝග කරයි රටේම තියන කුණු පුත්තලමට ගෙනවිත් දමන්නට කුමන හෝ පාලකයකු සුදානම් වන විට ජනතාව ඊට එරෙහිව නැගී සිටින අවස්ථාවේදී පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් කිසියම් දේශපාලකයකු හෝ නිලධාරියකු කටයුතු කරන්නේ නම් ඊට 11 September 2018
අගෝස්තුවේදී විල්පත්තුවෙන් වාර්තාගත ආදායමක් විල්පත්තුව ජාතික වන උද්‍යානය ඉතිහාසයේ වාර්තාගතම ආදායම වු එක්කෝටි හැට නව ලක්ෂයක මුදලක් අගෝස්තු මාසයේ සංචාරකයින් පැමිණීමෙන් උපයා ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි. 11 September 2018
ජිනිවා සමුළුවට මහාචාර්ය චන්න ජයසුමනත් යයි ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය. 10 September 2018
පැරිස් නුවර පිහි ඇණුමකින් හතකට තුවාල ප්‍රංශයේ පැරිස් නුවර මාර්ගයක ගමන්ගනිමින් සිටි පිරිසකට පුද්ගයෙකු විසින් පිහි පහර එල්ල කිරීම හේතුවෙන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පවසයි. 10 September 2018
ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන වලට නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කෙරේ ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2018 වෙනුවෙන් නිර්දේශිත නවකතා මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 10 September 2018
වියට්නාමයේදී අගමැති හරසරින් පිළිගැනේ වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය. 10 September 2018
වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලන්න යයි වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව රජරට විශ්ව විද්‍යාලයේ මහචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි. 10 September 2018
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද රෑ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2017 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (10) රාත්‍රීයේ නිකුත් කෙරේ. 10 September 2018
සංවර්ධන නිලධාරීහු බදාදා වැඩවරති රටපුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියතුව සිටින සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරු අනිද්දා (12) එක්දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති. 10 September 2018
දෙමළ සන්ධානයෙන් ඉවත් වන්නේනම් විග්නේෂ්වරන්ට වමේ පක්ෂයකින් ආරාධනයක් උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා එහි විපක්ෂ නායක කේ.තවරාසා යන මහත්වරුන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ඊපීඩිපි සංවිධානයෙන් ඉවත්වන්නේ නම් ලංකා සමසමාජ පක්ෂයට එක්වීමට අවස්ථාව ඇතැයි එහි නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (10) පැවැසීය. 10 September 2018
ස්වදේශ කටයුතු අමාත්‍යංශ චක්‍රලේඛයට පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධය හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (10) පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට කඩා වැදී පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති චක්‍ර ලේඛනයට විරෝධය පලකිරිම නිසා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව දින නියමයක් නැතිව කල් තබනු ලැබීය. 10 September 2018
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පෙන්නා සල්ලි ගරන්න හැදූ කතුන් 3ක් සැකපිට රජයේ ‘එන්ටප්‍රයිස් ශී‍්‍ර ලංකා‘ වැඩසටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්මේන්තුව මගින් රැකියා ලබා දෙන බව පවසා හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයක දී රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කළ බව කියන කාන්තාවන් තිදෙනෙකු අද (10) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 10 September 2018
කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පැමිණිළි කළේය. 10 September 2018
20 ට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරන බව ජි.එල් පිරිස් කියයි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිධූරය අහෝසි කිරීමට හා නියමිත පරිදි පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (10) පැවැසීය. 10 September 2018
අමල් කරුණාසේකරට ඇප මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 10 September 2018
දුම්රිය දඩවලින් කෝටියක ආදායමක් දුම්රියෙහි ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම ඇතුළු වැරදිවලට අය කෙරුණු දඩ මුදල් මගින් ගිය වසරේදී රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2018
කොතලාවලට ගනිද්දී මුදල් අය කළැයි සයිටම් සිසුන්ගෙන් නිහඬ විරෝධතාවක් සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද(10) නිහඬ විරෝධතාවයක නිරත වුහ. 10 September 2018
සංචාරකයින් මිලට ගන්නා භාණ්ඩවල බදු හෙට සිට යළි ගෙවයි විදේශ සංචාරකයින් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට්බදු ඔවුන්ට නැවත ගෙවීම හෙට (11) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 10 September 2018
මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුව පිළිබඳව ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට සමුද්‍රිය දුෂණ වැළක්වීමේ අධිකාරිය පියවර ගෙන ඇත. 10 September 2018
විස කිරිපැකට් දුන්නැයි කළ බොරු චෝදනාව ගැන පැමිණිලි කරන්න යයි ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් ලබා දුන්නැයි එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් පවසති. 10 September 2018
පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි. 10 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026