(බදුල්ලේ පාලිත ආරියවංශ)
පුද්ගලයෙකු විශ්‍රාම ගොස් සතියක් තුළ සිය අර්ථසාධක පාරිතෝෂිකය ලබාදීමේ වැඩපිළිවෙළක් ලඟදීම සකස් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා අද (31) බදුල්ලේදී පැවසීය.
සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල් මණ්ඩලය 5 වසර සමත් දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ දිරිදරු හරසර නැමැති වැඩසටහන යටතේ ඌව පළාතේ සිසුන් 346 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය බදුල්ල පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.
‘‘මේ සඳහා අවශ්‍ය අණ පනත් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
දැනට පවතින තත්ත්වය අනුව ඇතැම්විට විශ්‍රාමිකයා මිය යනතෙක්ම සිය පාරිතෝෂිකය යන තෙක්ම ලබා ගැනීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. එය කණගාටුදායක තත්වයක්... මේ තත්ත්වය පිටු පිටුදැකීම සඳහා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා...‘‘ යැයිද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගනා තීරණයක්. නමුත් ඇයි මෙච්චරකල් ඔයදේවල් නොකර හිටියේ කියන එකනම් අවංකව අපට ගැටළුවක්... මොකද "මහ බූරුවා" තෝරන තරඟය ලඟලඟ එනකොට "දේශපාලුවන් නමැති අපතයන් " විසින් කැරට්, බෝංචි, රාජ අලත්, කිරිල්ල දළු මිටි වශයෙනුත් මිනිස්සුන්ට දෙනවනේ... (ඡන්දෙ ගත්තට පස්සෙනේ මිනිසුන්ට පුන්නක්කු කවන්නේ අපේ දේශපාලුවන් නමැති නිවටයන්) එබැවින් මේ නිවටයින්ගේ බයිලා ගැන හත් අට සැරයක් හිතුවත් හොඳයි නේද?
මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙන එකේ ප්‍රයෝජනය හරියට ගන්නේ නැති එකේ අවුල තමයි ඉතින්. රාජ්‍ය ආයතන විසින් මිනිස්සු සෑහෙන්න රස්තියාදු කරනවා.. බොහෝ වෙලාවට ඉතින් දුර පළාත්වල මිනිස්සු මේකෙන් දැඩි ලෙස පීඩා විඳිනවා.. ඉස්කෝලවලට ටැබ් බෙදන්න ඉස්සෙල්ලා ඔන්න ඕවා තමයි හදන්න ඕනේ. කාලය ගැන අවබෝධයක් නැති මිනිස්සු රාජ්‍ය සේවයෙන් නෙරපා හරින්න ඕනෑ..
ඕගොල්ලන්ට නම් මොකද අවුරුදු 5ක් දියවන්නාවේ සැප අරගෙන පිටරට කරක් ගහලා ඇති පදමට හම්බ කරගෙන පැන්ෂන් එකත් ගන්නවා.
ඊපීඑෆ් එක ගන්න බී කාර්ඩ් එක නැතිනම් බැහැ. ඒක ජීවිත කාලෙම පරිස්සම් කරන්න ඕනෑ. ඕක අයි.ඩී. අංක එකත් දෙන විදිහක් හැදුවොත් නරකද?
චන්දයක් එනකොට තමයි ක්‍රම සහ විධි එන්නේත් ජනතාවගේ දුක දැනෙන්නේත්. දේසපාලාකයා හිතනවා ඇති බොරුකියන එක සෙල්ලමක් කියා . එහෙනම් බුදුන් අවසාන වචන ලෙස සියලු අකුසලයන්ගෙන් වැළකෙන්න කියා නොකියා වෙනත් දෙයක් කියන්න තිබුනා .. දේසපාලකයා කරන්නෙම අකුසල වලින් ප්‍රධාන අකුසලය වන බොරුව කියමින් නිරයට යන්න කර්ම සකස් කරන එකයි ..
ඇමති තුමනි ඔබ තුමාගේ කතාව ඇත්ත. ඊට වැඩිය දෙවැනි නැහැ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව. විශ්‍රාමිකයින්ට සලකන්නේ අන්ත අසික්ෂිත විදිහට. සමහර විට අවුරුදු ගණන් විශ්‍රාම වැටුප නොගෙවා තිබියදී විවිද ලියකියවිලි ඉල්ලමින් එය ගෙවීම ප්‍රමාද කිරීම සිරිතක්. ඒ වගේම කිසිම විමසීමකට පිළිතුරු එවීමද කරන්නේ නැහැ. හිග විශ්‍රාම වැටුප ගෙවීමට බැංකු වාර්තා ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් ලග නියමිත දත්ත නොමැති බවයි. දැනට අවුරුදු පනහකට පමණ පෙර එක් මවක් තම දරුවා සමග පැමිණියේ තම සැමියාගේ මරණ පාරිතෝෂිකය සැමියාගේ තුන්මාසයේ දානය දීමට ලබා ගැනීමටයි. එහෙත් එය ලබා ගැනීමට නොහැකි වූ තැන ඇය මා හමු වී මෙය පැවසීම හේතුවෙන් එය ලබාගනීමට ඇයට හැකිවුණා. ඒ උනත් මම රාජකාරි කලේ එහි නොවෙයි. මා හදුනන කෙනෙකුට කියා එය කර දුන්න. හේතුව හැමෝම දන්නා දෙයක්. අද එය එදාට නොදෙවෙනි වෙන්න බැහැ. ඕන කෙනෙකුට අවශ්‍යනම් එහි ගියොත් දැන ගන්න පුළුවන්. මෙම දෙපාර්තමේන්තුව ඇමති තුමාට අයිති නැති වුනත් අදාල අයට මේ ගැන සොයා බැලීමට පුළුවන්.
අවුරුදු හතරක්ම බලයේ ඉඳල මිනිස්සු ගහල පන්නන්න යනතෙක්ම ඔය කියන පාරිතෝෂිකය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට අපොහොසත් වුනු ඇමතියෙක්මි නිස්සුන්ව අයෙත් රවට්ටන්න යනවා වගේ?
චන්ද ලං වෙනකොට තමයි මෙවුන්ගේ ඇස් ඇරෙන්නේ.
දැන්ද දැක්කේ?
අන්තිම කාලෙ පව් සමා කොරනව . දැන් පොහොට්ටු සරනං ගච්චාමි නේද? එතන තමයි හොදම තැන. ගොටාභයට ප්‍රසස්ති කියව කියව ඉන්න අවසාන කාලෙ
ඔය බි කාර්ඩ් ක්‍රමය විශාල අවුලක්. කරුණාකර හැදුනුම්පත් අංකය , විශ්‍රාමික පාරිතෝෂිත අංකය ලෙස යොදාගෙන කටයුතු කරන ක්‍රමයකට යන්න. එතකොට පුළුවන් කෙලින්ම එම අංකයට ගෙවීම් කරන්න . සේවකයාට පුළුවන් කාර්යාලයට ගොස් කෙලින්ම තම හැදුනුම්පත ඉදිරිපත්කොට තම ගිණුම පිළිබඳව විමසා බලන්න හෝ කල් පිරුණ පසු ප්රතිලාභ ලබාගන්න. දැන් තිබෙන ක්‍රමය අනුව දිගින් දිගටම සේවායෝජකයා සහ සේවකයා එකට බැදී තිබෙන නිසා , ප්රතිලාභ ගන්න සමහර ලියකියවිලි සකසා ගන්න සේවා යෝජකයා නැතුවම බැහැ . සේවා යෝජකයා සේවකයාට අදාල අර්ථසාධක මුදල් ගෙවල නම් ඔහුව සියලුම වගකීම් වලින් නිදහස් කරන්න . අවුරුදු ගණනාවක් ගතවුණ පසුව බොහෝ විට සේවා යෝජකයා මිය ගිහින් එහෙම නැත්නම් ආයතනය වසාදමලා. එතකොට සේවකයා විශාල අමාරුවක වැටෙනවා ලියකියවිලි සකස් කරගන්න . බොහෝවිට එවැනි අවස්ථාවලදී සේවකයාට මුදල් ගන්න දුෂිත නිලධාරීන්ට පගාව නොදීම බැරි වෙනවා .
මම ජිවත්වන්නේ ජර්මනියේ. නමුත් මගේ ලංකාවේ තිබෙන ආයතනවල සේවකයන් 20-25 සේවය කරනවා . මම අවුරුද්දකට දෙතුන් සැරයක් ලංකාවට ආවම අඩුම තරමේ දවසක් දෙකකවත් මේ ප්‍රශ්න නිරාකරණය කරන්න වියදම් කරන්න වෙනවා . එම නිසා මට මේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබෙනවා . යුරෝපයේ ක්‍රියාත්මක වෙන විශ්‍රාම වැටුප් ක්‍රම ගැනත් සුළු අවබෝධයක් මට තිබෙනවා . එම නිසා මම කල්පනා කරනවා වගකිවයුත්තන්ගේ අනුග්‍රහය ලැබුනොත් අපට මෙය නිසිලෙස සකසාගන්න පුළුවන් කියලා .
පුද්ගලික අංශයේ වැඩකරන සේවකයින් හොඳින්ම දන්නවා මේවා හුදෙක් සුරන්ගනා කතා කියලා. යම්කිසි සේවකයෙකුගේ අර්ථසාධක අරමුදලට අවශ්‍ය දත්ත නිසි අන්දමින් කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක වල ඇතුළත් වී නැතිනම්, සේව්‍යයා නිසි අන්දමින් තම සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට යවා නැතිනම් සේවකයෙකු විශ්‍රාම ගිය දින සිට සතියකින් අර්ථසාධක අරමුදල් ලබාදෙනවා කියන එක බොරු කතාවක්. අර්ථසාධක අරමුදලට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු සෑම සේව්යයෙකුම නිසි වෙලාවට අර්ථසාධක අරමුදල් තම සේවකයින් වෙනුවෙන් ගෙවනවාද යන්න සොයා බැලීමට ඇති ක්‍රමවේදයක් නීතියේ සඳහන් වෙලා තිබුණාට එය හරිහැටි ක්‍රියාත්මක වෙනවාද? මෙවා සොයාබලා නිවැරදි නොකර විශ්‍රාම යන්න සේවකයෙකුගේ අර්ථසාධක අරමුදල් සේවකයා විශ්‍රාම ගියාට පසු සතියකින් ගෙවීම ගැන කතාව යථාර්තයක් වීමට නම් සේවකයකු විශ්‍රාම ගැනීමට අඩුම ගණනේ මාස 6කට ප්‍රථම ඒ සේවකයාගේ සියලුම දත්ත අර්ථසාධක අරමුදල සතුව ඇතිද? එම සේවකයා වෙනුවෙන් නියමිත අන්දමට සියලුම අර්ථසාධක අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවා ඇතිදැයි පරික්ෂාකර බැලීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී එය නීතිගත කළොත් මේ ප්‍රශ්නයට විසඳුමක්..!
අපේ EPF ETF සල්ලි තියෙනවද ?