(හසිත රංග ගුණතිලක)
රටක් ගොඩනැගීමට නම් ජාතීන් වශයෙන් බෙදී වෙන්වී නොසිට සියලු ජාතීන් එකට එකතු වී වැඩ කළ යුතු යැයි එංගලන්ත පල්ලියේ ප්‍රධාන පූජක කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණෝ කොළඹදී අද (29) පැවැසූහ.
මෙරට තුළ සහජීවනය ගොඩනැගීම සඳහා එංගලන්ත කිතුණු සසුනේ පූර්ණ සහයෝගය ලංකාවේ කිතුණු සසුනට ලබාදෙන බවද වෙල්බි හිමිපාණෝ සඳහන් කළහ.
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘‘දියෝකීසය‘‘ දෙව් මැදුරේදී අද පැවැති විශේෂ හමුවකට එක්වෙමින් ජස්ටින් වෙල්බි හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.
පාස්කු ප්‍රහාරයෙන් පසු බිදුනු සිත් සහයෝගය තුළින් ගොඩනැගීමට බෝම්බ ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවල හෙට (30) අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණෝ සංචාරය කිරීමට නියමිතව ඇත.
උන්වහන්සේ මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා , අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයින් කිහිප දෙනෙකුම හමුවී අන්තර් ආගමික සහජීවනය ගොඩනැගීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ද නියමිතය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙන් එනව , එංගලන්තෙන් එනවා , අපිට බන කියල යනවා . අපේ දීන කමට චීනයට බයේ , ලෝකයේ බුද්දීමුතුන්ටත් ධර්මය දේශනා කරන , ලෝකයේ විද්වතුන් සමග විද්වත් සාකච්චා පවත්වන ඇති උතුම් දලය්ලමා බික්සුන්වහන්සේට අපගේ මාතෘ භූමියට වඩින්නට අවස්ථාව නැහැ . අපේ සංගයා වහසේලාට ඇයි කතා කරන්න බැරි .
නමුත් හාමුදුරු නමකට අතට අත දීම පිලි ගත නොහැක.
අනේ ඔය උන්නාන්සේලා එක්කෙනේකුරවත් කොටි සිංහල මිනිස්සු බුරුතු පිටින් මරද්දී ඔය කතාව කියන්න බැරිඋනානේ?