(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.
පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නිශ්ශංක නානායක්කාර මහතා හෙට (30) සිට අදාළ විනය පරීක්ෂණ ආරම්භ වන බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම ආසනයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය පරීක්ෂණ තියලා මොනා කරන්නද? මේ බව නොදැනද මේගොල්ලෝ ක්රීයා කලේ. එජාපෙ එපාවෙලා තමයි මේගොල්ලෝ කටයුතු කලේ.
විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කොට මොවුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා දැමිය යුතුය. මොවුන් දෙදෙනා කෙසේවත් යලිත් එජාපයෙන් නාමයෝජනනා පමණක් නොව ජාතික ලිස්තුවෙන් පවා පාර්ලිමේන්තුවට යැවීමට සුදුසු නොවේ. මොවුන් වෙනුවට උගත් අලුත් තරුණ ක්‍රියාශීලි නවක යන්ට අවස්තවක් දීමට පක්ෂයට අවස්ථව උදාවී ඇත.
මුල් කාලයේදී කලානම්, එජාප ගමන මීට වඩා හොඳ වෙන්න තිබුණා
තවම රටේ විධායක ජනාධිපති වෙන්න තියා හිතන්නවත් බැරිඋනා. එත් දැන් හාමුදුරුවන්ගේ විනය හොයන්නයි යන්නේ. බැරිවෙලාවත් විධායක බලතල අතට ගත්තොත් බුදුහාමුදුරුවන්ටත් විනය පරීක්ෂණ තියයි.
ගමේ යුඑන්පි කාරයෝ කැමති සජිත්ට අපිත් හොද යුඑන්පි කාරයෝ රනිල් ඉන්න තාක් කල් අපේ ඡන්දේ දෙන්නේ නැහැ
කිසිම දේකට සැලෙන්න අවශ්‍ය නැහැ.
පරක්කු වැඩි නැද්ද? මොනම පක්ෂයක උනත් විනයක් තිබිය යුතුය. තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමටම තිබෙන බව ඇත්ත. නමුත් තමතමන්ගේ ආයතනය කුමක් වුවත් එහි විනයක් තිබිය යුතුය. විනයක් නොමැති තැන ආයතනයක් නොමැත.
විජයදාස දැන් මොන පක්ෂේද? පනින පනිල්ලට මතක තියාගන්නත් අමාරුයි....
බෞද්ධ භික්ෂුවක් භාජනය විය යුත්තේ විනය පිටකයට පමණයි. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ, සිල්ලෝම ගිහියන් නිසා.
දැන් එතකොට ශ්‍රී ලංකා එකෙන් යූ. එන්. පී එකට පැනපු අය යූ. එන්. පී එකේනේ ඉන්නේ. තමන්ගේ පක්ෂයේ එහෙම අය තියාගෙන විනය පරීක්ෂණ කරනවා. ආදර්ශයක් දෙන්න ඕන තමන් එහෙම විනය පරීක්ෂණයක් කරන කොට. වෙන්න ඕන කාටවත් පක්ෂ මාරු කරන්න බැරි වෙන්න පනතක් සම්මත කර ගන්න. ඕක කවදාවත් වෙයි කියලා නම් හිතන්න බෑ. මොකද හැමෝම එහෙම පක්ෂ මාරු කරන නිසා.
බෞද්ධ භික්ෂුවක් විනය පිටකයට පමණක් භාජනය වුණානම් අර හම්බ ආණ්ඩුකාරයා තාමත් එතන. බෞද්ධ භික්ෂුවක් ඔහේගේ පාංශුකූලේට ගෙන්න ගන්නේ නැද්ද?
ඇත්ත කතා කරොත්, කෙලින් වැඩකලොත් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකරන්නේ මෙහෙමයි. බොරුව, වංචාව, හොර මැරකම්වලට නම් එක්සත් ජාතික පක්ෂය හිසනමා ආචාර කරනවා.