(එෆ්.අස්ලම්)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත් දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
වත්මන් තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුය යන්න දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා පැවසීය.
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ උත්සහාය පිළිබඳ දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියේය.
විධායක ජනාධිපතිධූර ක්‍රමය අහෝසි කිරීමට අදාල කෙටුම්පතක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඊට තුනෙන් දෙකක බහුතර කැමැත්තක් කිසිවිටක නොලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝසි කරනවානම් යම් දිනක ජනාධිපති ධුරයයි අහෝසි කළ යුත්තේ .
මේක හරි වැඩක්නේ. මෙච්චරක් ව්‍යවස්ථාව කඩ කරලත් තවම ජනාධිපති තනතුර ඕනැලු. අපිට නම් එපාවෙලා තියෙන්නේ. දැන් යන විදියටම යමින් අපි තවමත් අගාධයට දාන්නද කල්පනාව .
ඔන්න වටිනා කියමනක්... අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් අැසුවාමයි.
අපිට නම් ජනාධිපති ධුරය තිබුණත් එකයි, නැතත් එකයි රටට වෙන කොන්ද පණ තියෙක පාලනයක් නායකයෙක් අවශ්‍යයි. නැත්නම් මේක සමනළ ලන්තයක් කරලයි පස්ස බලන්නේ..
දැන් ඉතුරුවෙලා තියෙන බලතල එක්ක මේ ජනාධිපති තනතුර තේරුමක් නැති තනතුරක්. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහයෝගය නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ.. ඉස්සරහට කවුරු දින්නත්, අගැමති සහ රජය සමග වැඩකරන්න වෙනවා.. 19න් පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්රීලාට තියෙන වටිනාකම වැඩි වෙලා ඒත් කුඩා පක්ෂ මස් රාත්තලම ඉල්ලන තැනට තල්ලුවෙලා. පාර්ලිමේන්තු ක්රමයේ වෙනසක් කරා නම් හරි. ඇගමති තනතුර අහෝසිකරලා, ඒ වෙනුවට ජනාධිපතිම ඒ තැනට ආදේශ කරා නම් මේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණා. අනික දිනන කුමන කණ්ඩායමට වුණත් බෝනස් මන්ත්‍රී ධුර 20ක් වගේ දෙන්න ඕනෑ ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න..
රටේ අනවශ්‍ය කැළඹිලි හා විවිධ බෙදීම් මෙන්ම ඒකාධිපති බලය නැවත ඇතිවීමට හැකි ඉඩ අහුරමින් ජනපතිවරණය නොපවත්වා ඒ සඳහා වියදම්වන මහජන මුදල් ඉතිරිකරගෙන විධායක ජනපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවශ්‍ය ධුරයක් බවට පත්කොට වත්මන් ජනපති මෛත්‍රිටම ඒ නව තනතුරේ වගකීම කරගන යාමට ඉඩහැර එතුමාව අයින්කරන්ට ඕනේ නම් පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් තිබියයුතු බවට අණපනත් සම්මත කර ව්‍යවස්ථාව සකස්කිරීම වඩා සුදුසු ක්‍රියාමාර්ගය බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය ඒ සඳහා ලබාගන්න බැරිද කියා විමසා බැලුවොත් නරකද? මම හිතන්නේ ජේ.වී.පී. ශ්‍රී ලංකා එජාපය ටී.එන්.ඒ. නම් කැමති වෙයි. මේක හොඳම අවස්ථාව මේ මහඟු කාර්ය රටේ ජනතාව වෙනුවෙන් කරන්න. මේක ජනතාවගේ පරම බලාපොරොත්තුවක්නේ... අනේ මන්දා...
මනෝගනේෂන් විධායක ජනාධිපතිකමට වඩා පාර්ලිමේන්තුවට පූර්ණ බලතල දී ස්වාධීන කොමිෂන් නිසිලෙස ක්‍රියාවට නැගීමෙන් යහපාලනය ඇතිවී ප්රජාතන්ත්රවාදී සමාජය බිහිවී ජාති, ආගම්, දේශපාලන ආදී සියලු මතවාද වඩා ඵලදායි මවතකටයි යොමු වෙන්නේ... තවම පසුගිය වසර 42ක් ගෙවූ ඒකාධිපති යුගයේ නටබුන් අතරේ ඉන්න නිසා එකපාර ඒ ක්‍රමය අතහරින්න අකමැති වීම ස්වාභාවිකයි. ක්‍රියා කරමින් තිබෙන විදුලි පංකාවක විදුලිය විසන්ධිකළ වහාම නොනැවතී ටිකවේලාවක් කරකැවී නවතිනවා වගේ තමයි කොයිදේත් යම් කාලයක් තුළදී තමයි නියම ඵල දෙන්නේ. ඒ සංසිද්ධියට අවස්ථිතිය (inertia) කියලයි කියන්නේ. මෙතෙක් බලයට පත්වූ විධායක ජනපතිලාගෙන් ජේ.ආර්. හැර අනිත් සියලු දෙනාම බල ලෝභයෙන් ක්‍රියාකළ හැටිත් යම්යම් හොඳ වැඩ කළාට නිදහස් ජනවිඥානය සමූලඝාතනය කළහැටිත් 2015 සිට ඒ නිදහස උපරිම වී තිබෙන හැටිත් පේනවද?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි.
සාකච්ඡා කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න... එ්ක අම්මගේ, අප්පගේ බූදලේ කියලා හිතුවද? රටේ කෝටි දෙකක් ජනතාව ඉන්නවා කියලා අමතක වුණාද? ජනාධිපති ඒ කෝටි 2ක් ජනතාවගේ ජනාධිපති මිසක් ඔය කුලියට කරන 225 දෙනාගේ ජනාධිපති නොවෙයි.
1978 ට පෙර යුගය හා පසු යුගය සසදා බලන්න අධ්‍යයනය කරන්න ඔබට තේරේවි රට විනාශ උනේ විධායක ජනාධිපති කම තිබු යුගයෙද නැද්ද යන්න .මෙි අහොසි කල යුතුමයි. රටට මොන පැත්තකින් බැලුවත් අහිතකරයි.