සිතුම් චතුරංග
වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය ජනාධිපතිට,අගමැතිට හා කථානායකට බලය බෙදී තිබීමෙන් ඔවුන් සමඟ වැඩකරන විට රට අවුල් සහගත තත්වයකට පත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.
රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් ගැටළුව නම් 19 වැනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වන අගමැතිවරයා කියන එක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.
මගේ අවුරුදු පහකට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිදු කෙනෙකුට පත්තුකරලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්නට ඕනෑ. අනෙක් හිටපු සියලු ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ තුවක්කු පත්තුකළ හැටි ආණ්ඩුවේ මැදිහත්කම මත දේශපාලන වශයෙන් හිරිහැර කරපු ඒවාල ශාරිරික වද හිංසා දුන්න ඒවාල ගෙවල් දොරවල් ගිනිතියපුවා, මාධ්‍ය ආයතන ගිනිතියපුවා, මාධ්‍යවේදීන්ට කළ හිරිහැර පීඩා. මා ප්රජාතන්ත්රවාදය, සාමය ශක්තිමත් කරලා තිබෙන්නේ ඒ නිසා කිසිදු චෝදනාවක් මට නැහැ. ඒ නිසා විවේචන කොච්චර තිබුණත් නිදහස, සාමය හා සමානාත්මතාවය මට කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කරලා තිබෙනවා.
ඒ වගේම කියන්නට ඕනෑ පසුගිය අවුරුදු හතර හමාරෙන් අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගණනක් වියදම් කළා. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යනය කරන්න ලෝකයේ රටවල්වල ගියා. මා කියා තිබුණා ඡන්දෙට ඉස්සල්ලාත් පස්සේත් පසුගිය වසර හතරේදීත් ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරුද්දක් නොවෙයි.
අප ප්රජාතන්ත්රවාදය, නිදහස ගැන කතාකරන විට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දේශපාන බේද අමතක කර ආණ්ඩුව හා විපක්ෂය මෙය ඉටුකළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැතිනම් රටේ යහපත් රාජ්‍යයක පාලනයක් ඇති කරන්න බැරිවයනවා. ජනාධිපතිවරණය ළඟ එන අතර ආණ්ඩුවට තවමත් මෙය නිවැරදි කරන්නට කාලය තිබෙනවා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ... දැන් ඒ කාලේ රට පාලනය කළ කෙනෙකුත් නැද්ද ....?
ඔයා එන්න කලින් ඉඳලම මිනිස්සු රැවැට්ටුවා. මතකද මෝදි කෝට් බෑයක් ඇඳගෙන කරපු රඟපෑම...? රත්තරන් අශ්වයෝ..
ජනාධිපති පුටුවේ රස විඳලා, එ්ක අහිමිවෙන්න යනබව දැනුණාම, නැතිකරනවා කියලා පොරොන්දු දුන්නු කෙනා, උදේට කණ්ණාඩිය ඉස්සරහ හිටගත්තම පෙනේවි. උතුරේ ජනතාව රැවට්ටුවේ කවුද කියලා...
එතකොට 19 වෙනි සංශෝධනය ගෙනාවේ මෙයා දැනුවත්ව නෙමෙයිද..? මේ අවුරුදු 4 කවුද රට පාලනය කලේ... සිරිසේන කියනකෙනා... නිදහස් මාධ්‍ය ප්රකාශකයෙක්ද?
මෙයා කතා කරන්නේ හරියට මම ජනාධිපති වෙලා හිටියා වගේනේ...
ඔබත් රැවටුණා. අපිත් රැවටුණා. තේරුම්ගන්න බැරි හදවතකට...
ඕකත් කජ්ජක්ද? 1948 ඉඳලම ඔයගොල්ලෝ අපිව රවට්ටන්නේ?
දැන් තමයි මෙයාටත් උතුරේ ජනතාව ගැන මතක්වෙලා තියෙන්නේ... අවුරුදු 29ක් ඇමතිකම් දැරුවා. අවුරුදු 4කට වැඩිකලක් විධායක ජනාධිපතිකම දරනවා හීනෙන් නැගිටලා වගේ මෙයා
ඔයාම කියන්නේ මට අර චෝදනා මේ චෝදනා නැහැ කියලා. නමුත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එකම නායකයා ඔයා...
ඔයා මුළු රටම රැවැට්ටුවා. ඡන්දෙ දූපු අය ඔක්කෝම විනාශ කළා. තමන් මරන්න හැදුවා කියලා තමුන් විසින්ම චෝදනා කළ අයත් එක්ක පල් හොරු එක්ක ඉතුරු වෙන්නේ ජනතා ඡන්දයට පයින් ගසමින්..
ආණ්ඩුව කරපු හැම හොඳ වැඩක්ම කරලා තියෙන්නේ මෙයාලු. වැරදි වැඩ ඔක්කොම කරලා තියෙන්නේ යූ.ඇන්.පී කාරයින්ලු...
වුවමනාව නොතිබුණේ කාටද කියන එක රට්ටු දන්නවනේ... ඕකත් නිකන් අර හිටපු මනුස්සයාට හෙලිකොප්ටර් එකක් දුන්නු කතාව වගේ. අනික රටේ වුණු හැමදේටම ඔබත් වගකියන්න ඕනෑ. නිකන් මම දන්නේ නෑ... මම කරේ නෑ... කියන කතා කවුද පිළිගන්නේ..?
අවුරුදු 30 කට වැඩි කලක් දේශපාලනේ ඇමතිකම් ජනාධිපතිකම් දරන ගමන් මෙහෙම කියනවා.
ඒක නොවෙයි අර ජනාධිපති තාත්තා 2 තවමත් ලියලා ඉවර නැතිද? අපි ආසාවෙන් බලා ඉන්නවා ඒක කියවන්න ..
මෙයා මැරිලා ඉපදිලා ඉන්නේ...
දැන් ඉතින් මෙයා බබා. අනේ මෙහෙම ජනාධිපති කෙනෙක්.. කමක් නැහැ තව මාස කීයද?
"කම්මනාවසලෝ හොති කම්මනා හොති බ්රහ්මොනෝ "උපටා ගැනීම වසල සුත්‍රය _ ගෞතම බුදුන් ." මෙය ඔබතුමා අරබයා කළ දෙසුමක්ද?
මගේ වැරැද්ද නොවෙයි නම්.. වැරැද්ද ඊට ඉහලින් ඉන්න කෙනෙකුගේ වෙන්න ඕනෑ.. ඊට ඉහලින් කෙනෙක් නැතිනම් නොදැනීමට හේතුව රාජකාරිය ඉටු නොකිරීම.. එනම් වැඩක් නොකර ගන්න වැටුප පින් පඩියක් වේ.
ඔයාට දැන් ඔහොම කියලා ඇඟ බේරගන්න හදන එකනම් හොඳ නැහැ. ඔයත් එයට ඕනෑ විදියටනේ නැටුවේ...
එතකොට මගේ ආණ්ඩුව කිය කියා තෙපර බාන්නේ කාගේ ආණ්ඩුවක් ගේන්නද?
තමන් හොඳටම දන්නවා වැරදි කරපු නායකයින් නිදැල්ලේ ඉන්නවා කියන එක... කොහොමද මෙවැනි කතා කියන්නේ? තමන් රටේ ජනාධිපති හොරු මිනීමරුවෝ නිදැල්ලේ... මේවා මාධ්‍යයට කියන්නේ නැතිව, අදිකරණයට කියලා දඬුවම් දෙන්න... නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නේද? ඔය රජ පුටුවේ ඉඳ ගත්තේ, ඕක මට දෙන්න මම පෙන්වන්නම් මේ පුටුවට අයිති වැඩ මොනවද කියලා, නායකයින්ගේ නම් ඉතිහාස ගතවෙන්නේ, නිකම් ඉඳලා රටේ ජනතාවගේ දේ හොරා කාලා නෙමේ, රටට ජනතාවට වැඩ කරලා, එකෙක් ඉන්නවද? ජනතාවගේ දුක අඳුනපු කට්ටිය. අල්ලක් තරම් රටේ හොරාකන්නේ අක්කරයක් තරමට, රටේ ජනතාව රැවැට්ටුවේ. ළඟදී නෙමේ, සුද්දාගෙන් රට ගත්ත දවසේ ඉඳලා... ජනතාව රවට්ටපු එක කෙරුවේ... මම ඔය පුටුවේ හිටියා නම් අඩි 8ක් යටට ගියත් කමක් නැහැ. හොර දූෂිතයින් ජීවිත කාලයටම දුක් විඳින්න හිරේයවලා දැන් ඉන්න කට්ටිය හොරුන්ට හුරේ දමනවා, කන කෑමවල විසට වෙන්න ඇති..
මේ රටේ මිනිසුන් මහා ලෝකය නුහුලන අපරාදයක් කරලා. මුකුත් නොදන්නා තොත්ත බබෙකුව 2015 දී පත්කරගෙන. ඉදිරියේදීවත් තොත්ත බබාලව වැදගත් තැන්වලට යවන්න එපා. නැතිනම් ඉදිරියේදීත් මම දන්නේ නැහැ, දැක්කේ නැහැ, මට කිව්වේ නැහැ, පත්තරෙන් තමා දැක්කේ, අන්තර්ජාලයේ තිබුණා වගේ මතකයි කියන කතා කියලා මිනිසුන් රැවටිය හැකියි සිතන අයෙක්ව පත්කරලා උඩ බලන් ඉන්න. මෙයා දෙන සහතික වටින්නේ නැහැ.
පසුගිය වසර 4 හමාරක් රට පාලනය කරපු කෙනෙක් නැහැ.. රනිල් සහ සිරිසේන පාලනයේ කලේ වෙනත් රටක්ද දන්නේ නැහැ. මෝදිගෙන්වත් අහල බලන්න ඕනෑ...
මෙන්න වදේ පොඩිඑකා හීනෙන් නැහිටලා බෙරිහන් දෙනවා.. කවුරුත් නැද්දෝ සූප්පුවක් කටට ඔබන්නකෝ..
ඒ කාලේ පත්තරයක් අරන් බලන්න... ඔය කියන කාලේ ජනාධිපති වෙලා හිටියේ කව්ද කියලා...
ඔබ ඔය කියන්නේ විධායක ජනාධිපති තනතුර අවශ්‍ය බව නේද? ගියවතාවේ ඡන්දෙ කාලේ ඕක නැති කරනවා කියලනේ. මේ වතාවේ ඡන්දෙ කරන්න හිතාගෙන ඉන්නේ ඕක අවශ්‍යයි කියලනේ. ඇත්තටම ඔබතුමා රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්න බැහැ.
අර අපිව ගොනාට අන්දපු කාලේ කියපු වෙනස ඕකද?
අම්මපා ජන්දෙන් පැරදුනහම කිසිම රාජ්‍ය තාන්තිරක වැඩකට ගාව ගන්ඩ එපා. මේ මිනිහ ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා. අර කිව්වා වගේ පොල්පිති වලින් කපන්ඩ පුළුවන්
මෙය කිසිම ප්රපත්තියක් නැති කෙනෙක්. 19 කලින් හොඳය කියල දැන් 19 හොඳ නැහැ කියනවා. රටේ නායකයෙක් වුනාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තම එය පසුව හොඳ නැහැ කියන්නේ ඔහුගේ නායකත්වයේ දුර්වල කමක්.
දැන්නම් පිස්සුව හොඳටම තද වෙලා වගෙයි බලය දාල යන්න වෙන හින්දා. මේවගේ වගකීමක් නැතිව කතා කරන ක්‍රියා කරන මනුස්සයෙක්ට විදායක බලය සම්පූර්ණයෙන්ම ලැබුණා නම් මොනවා කරයිද කියයිද දන්නෙනෑ. මතකනේ රටම අරාජික කරලා නැටුව පිස්සුව.
මොහු මෙහෙම කියන්නේ හදීසියේ රනිල් සමග කරන ලද සාකච්චාවේ අවසාන මොහොතේදී විධායක ක්‍රමය අහෝසි කරන්න සැලසුමක් ගසුවාද කියන සැකය මට එනවා .එතකොට කාටත් කරන්න බැරිවූ දෙය මම කළා කියා සියලු පව් හෝදගෙන දෙයියනේ කියලා පොළොන්නරුවට යන්න පුළුවන්නේ .
මෙයා බබා..
2 වැනි වාරය ගැන හිතමින් හිටිය නේද ? දැන්ද මතක් වුනේ ?
කොටි නෙමෙයි වලස්සුත් පහරදෙනවා මේ දෙබිඩි කතාවලට....