කංජිපානි ඉම්රානුත් රහස් පොලිස් බාරයට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි. 28 March 2019
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 14 ක ප්‍රශ්න කිරීම් වලින් පසු අද (27) රාත්‍රී 8.30 පමණ කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. 27 March 2019
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන විශ්වාසයක් නෑ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (27) පැවැසීය. 27 March 2019
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මානව හිමිකම් ගැන කළ ප්‍රකාශය වැරදියි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 27 March 2019
මවක් සිය දරුවා සමඟ ගෙලවැල ලාගෙන මරුට බලංගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සිය දරුවා සමඟ අද (27) පස්වරුවේ ගෙලවැලාගෙන මිය ගොස් ඇතැයි බලංගොඩ පොලිසිය කියයි. 27 March 2019
ගෝඨාභය ඇමරිකා යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය. 27 March 2019
සාගරිකා දුම්රියේ මෝටර් රථයක් ගැටී අයෙක් මරුට දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (27) පස්වරුවේ කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 27 March 2019
මධූෂ්ගේ සාදයට ගිය බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් මාකදුරේ මධුගේ ඩුබායිහි පැවැති සාදයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නැමැත්තාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකොන් මහතා පැවසීය. 27 March 2019
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නෑ කවුරු කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මීගහතැන්නේ දී පැවසීය. 27 March 2019
ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බාර වෙති රත්ගමදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පෙක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අද (27) පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවූහ. 27 March 2019
මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම විසිවෙයි ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 27 March 2019
සීමාවාසික වෛද්‍ය පත්වීම්වලට නිකුත් කළ අතුරු නියෝගය දිගුවෙයි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන අපේ‍්‍රල් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය. 27 March 2019
විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂාවට අධිකරණයෙන් අවසර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය. 27 March 2019
දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියේ හැපී මරුට අහංගම වැල්හේන්ගොඩ දුම්රිය ගේට්ටු මුරකරු අද (27) දුම්රියක හැපී මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 27 March 2019
ගොවියකුගෙන් අල්ලස් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට අලහැර ප්‍රදේශයේ ගොවියකුගෙන් රුපියල් 58,000 ක් අල්ලස් ගත් කෘෂිකර්ම පර්යෙක්ෂණ නිෂ්පාදන සහකාරවරයකු හා සංවර්ධන නිලධාරියකු අද (27) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 27 March 2019
නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 March 2019
නව දුම්රිය මැදිරි 75ක් හා සුඛෝපභෝගී බස් 37ක් ගෙන්වීමට පියවර ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා නව මගී මැදිරි 75ක්, බහාලූම් ගැල් 20 ක් සහ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 27 March 2019
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 27 March 2019
කුඩු රොෂාන්ගේ බිරිඳ-තවත් අයෙක් හෙරොයින් සමඟ අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වන විට බන්ධනාගාරගත කර සිටින කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙක් හෙරොයින් සමඟ අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 March 2019
‘ඉදිරි ජනපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂ කෙනෙක්මයි’ තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා මාතලේ දී පැවසීය. 27 March 2019
ලංකාවට එවූ නදීමාල් සීඅයිඩීය බාරයට මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2019
පරිසර අමාත්‍යංශයේ දුරකතන ‘ගොළු‘ වෙයි මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාවය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථන සම්බන්ධතාවය, අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුරකථන සම්බන්ධතාවයේ සිට සියලුම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇන හිට තිබේ. 26 March 2019
වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රජයෙන් රුපියල් 50ක් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත. 26 March 2019
විදුලි අර්බුදයට හේතුව ගැටුමක් මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 26 March 2019
දකුණු පළාත් සභාවේ මන්ත්‍රීකම දීම කොමිසමෙන් කල් දමනවාලු දකුණු පළාත් සභාවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති වී සතියක කාලයක් ගතවී ඇතත් එම මන්ත්‍රී ධුරයට තමා පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාව කල්දමමින් සිටින බවට එම මන්ත්‍රීධුරයට සුදුසුකම් ලබා සිටින ගා. දෙනෙත්ති මහතා චෝදනා කරයි. 26 March 2019
‘උතුරු පළාත් සභාව ජනතාව ගැන හිතුවේ නෑ’ යුද්ධයෙන් පසු උතුර සංවර්ධනයේදී උතුරු පළාත් සභාව පිහිටුවීම වැදගත් පියවරක් වුවත් පළාත්වාසීන්ගේ ජීවිත යහපත් කිරීමට එය නිසියාකාරව මැදිහත් නොවී යැයි සංහිඳියාව සඳහා වන ප්රවිචාරණ කාර්යසාධක බළකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා චෝදනා කරයි. 26 March 2019
‘විදුලි කප්පාදුවට 29දා පිළිතුරු දෙනවා’ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (29) පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 26 March 2019
‘එජාපය සමඟ ආණ්ඩු පිහිටුවීමේ අදහසක් ශ්‍රීලනිපයට නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 26 March 2019
ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 දා ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවූ රුපියල් මිලියන 142 ක පාඩුව අයකර දෙන මෙන් ඉල්ලා සිටි නඩුවකින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන හිටපු අමාත්‍යවරුන් නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව ගාමිණී සෙනරත් මහතා ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 13 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියම කළේය. 26 March 2019
‘ආර්ථිකයේ දියුණුවට කාන්තා සහභාගීත්වය අනිවාර්යයි’ ආර්ථිකයක් දියුණුවීමට නම් ඒ සඳහා කාන්තා සහභාගීත්වය අනිවාර්ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(26) පැවැසීය. 26 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026