(ඩී.කේ.රත්න )
කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන පියපුතු දෙදෙනෙකු අද (4) අලුයම බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවටට ඇතුළත් කර ඇතයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල හීල්ඔය අම්පිටිය පදිංචි වයස අවුරුදු තිස් එකක පියෙකු සහ වයස අවුරුදු හතක පිරිමි දරුවකු මෙසේ කොරෝනා රෝගය වැළදුණු බවට සැක පිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම දෙදෙනා ඉකුත් පෙබරවාරි මස 27 වන දින දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ බණ්ඩාරවෙලට පැමිණ ඇති අතර නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ මතුවීමත් සමඟ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
බදුල්ල මහ රෝහලේ විශේෂිත වාට්ටුවකට මෙම දෙදෙනා ඇතුළත් කර තිබෙන අතර කොරෝනා රොග පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතයි බදුල්ල මහ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාර්පෝට් එකෙන් කිසිම දෙයක් චෙක් කරන්නේ නැහැ නේද? දෙදෙනාම ඉක්මනින් සුව වේවා...!!!
ආණ්ඩුවෙන් කියනවා පිටින් එන අය දවස 15න් නිරෝධනය කරනවා කියලා... එහෙම නම් මේ දෙන්නා කොහොමද 27 ඇවිත් 3 වැනිදා ගෙදර ඉන්නේ.... මොන කතාද මේ කියන්නේ?