රංජිත්ගේ පුරප්පාඩුවට වරුණ ලියනගේ පත් කරයි අභාවප්‍රාප්ත වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ පුරප්පාඩුව සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබේ. 13 December 2019
කුලී ගොඩනැගිලිවලින් රාජ්‍ය ආයතන ඉවතට පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 13 December 2019
කොළඹ කලාප 7 ක ජල සැපයුම පැය 24 කට අත්හිටුවයි කොළඹ ප්‍රදේශයේ කලාප 7 කට හෙට (14) පස්වරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 13 December 2019
මාතර බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් තාවකාලිකව නතර කිරීමට යයි ඉදිරි සති කිහිපය තුළදී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි දැනගන්නට ලැබේ. 12 December 2019
ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානමක් පවතින බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 December 2019
ජපාන විදේශ ඇමැති අද දිවයිනට ජපාන විදේශ අමාත්‍ය මොටැජි ටොසිමිට්සු මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 12 December 2019
රජය සතු ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා දෙන්න අනුමැතිය රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල සඳහා මෙම වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ. 12 December 2019
එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය රටට හෙළි කරන්න එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 12 December 2019
අලි රොෂාන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ඇරඹේ නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගත් බවට අධි චෝදනා ලැබ සිටින අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) ආරම්භ කෙරුණි. 12 December 2019
‘එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ‘ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 December 2019
ලක්ෂ 33 ක බීඩි කොළ රාජසන්තක කරයි ඉන්දියාවේ සිට නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 625 ක් උතුරු පළාත් රේගු නිවාරණ කාර්යාලය අද (12) රාජසන්තක කළේය. 12 December 2019
දයා රත්නායක වරායේ නව සභාපති ධුරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ. 12 December 2019
ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැහැ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැතැයි වාර්තා වේ. 12 December 2019
‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ’ තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) පැවැසීය. 12 December 2019
තරුණයකු පිහියෙන් ඇන මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම කොටහේනේදී 17 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී 12 December 2019
කොරියාවට ගිය ලාංකිකයෝ 3821 ක් නීතිවිරෝධීව රැඳී සිටිති රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 3821 දෙනෙකු සේවා කාලය අවසානයේ ආපසු නොපැමිණ එරට නීතිවිරෝධී අන්දමින් රැඳී සිටින බව කොරියාවේ මානව සම්පත් සංවර්ධන අංශයේ රැකියා බලපත්‍ර ක්‍රමය කි‍්‍රයාත්මක කිරීමේ ශ්‍රී ලංකා අධ්යක්ෂ කිම් වොන් සියොක් මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2019
එජාප ප්රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරයට අදාළ කමිටුව ප්‍රථම වතාවට ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය. 12 December 2019
ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ මානසික වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය. 12 December 2019
අක්‍රිය පක්ෂ ගැන ජාතික හෙළ උරුමයෙන් කොමිසමට ඉල්ලීමක් ලියාපදිංචි කළ පක්ෂවලට අමතරව ලියාපදිංචි නොකළ පක්ෂ වර්ගීකරණයක් කරන්නැයි ජාතික හෙළ උරුමය ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. 12 December 2019
‘රාජ්‍ය ඇමැතිවරු 38 ක් විෂයක් නැතිව පිං පඩි ලබමින් සිටිනවා’ රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 12 December 2019
පේරාදෙණිය සරසවි සිසුහු පාරට බසිති විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් දැනට මාස කිහිපයක් තිස්සේ නැවතී ඇති ශිෂ්‍යාධාර වහාම ගෙවන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) පේරාදෙණිය ගලහ හන්දියේදී පැවැත්විණ. 12 December 2019
විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක් රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 December 2019
මිලියන 40 ක මුදල් අවභාවිතයක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2019
වෙහෙරගල විද්‍යාලයේ පරිගණක සොරු අරන් යති අම්පාර අධ්‍යාපන කලාපයේ වෙහෙරගල ප්‍රාථමික විද්‍යාලයේ තිබු පරිගනක යන්ත්‍ර තුනක් අද (12) අලුයම් කාලයේ දී සොරා ගෙන ගිය සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව දමන පොලීසිය කියයි. 12 December 2019
‘රජයට තුනෙන් දෙකක බලයක් දෙන්න ශ්රීලනිපය කැප වෙන්න ඕනෑ’ ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කීය. 12 December 2019
ශ්‍රී පාද අඩවියට මත්ද්‍රව්‍ය රැගෙන ආ 7දෙනෙකු අත්අඩංගුවට නල්ලතන්නියේ ශ්‍රී පාද උඩ මළුව ප්‍රධාන මාර්ගයේ, කල්පරුක්ෂ විහාරය අසළ නව පොලිස් මුරපොළෙහි කළ පරීක්ෂාවකදී කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනයාමට තැත් කළ තරුණයන් හත්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය කියයි. 12 December 2019
හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි 80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය. 12 December 2019
සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 12 December 2019
සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට නේපාලයේ පැවති සාග් ක්‍රීඩා උලෙළට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 12 December 2019
හංවැල්ලේ සිදුවූ ගැටුමකින් තිදෙනෙකු රෝහලේ හංවැල්ල පරණ පාරේ ඉන්ධන පිරවුම් හලක් තුළදී එහි සේවයන් තවත් පිරිසක් සමඟ අද (11) ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 11 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026