
(ජයන්ත සමරකෝන්)
ජල සම්පාදන පනතේ පවතින අඩුපාඩු රැසක් ඉවත්කර, අලුතින් නීති සම්පාදනය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද(14) ලංකාදීපයට පැවසීය.
නීතිවිරෝධී ලෙස ජලය ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මත කර දැඩි දඬුවම් ලබාදීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇති බවත්, ඒ සඳහා මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ධනවතුන්, ව්‍යාපාරිකයන්, රජයේ ඇතැම් බලවතුන් ඇතුළු ජාවාරම්කරුවන් පිරිසක් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි වැඩි වශයෙන් යෙදෙන බවට පැමිණිලි ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය.
වසර ගණන් හොරෙන් ජලය ලබාගන්නා පුද්ගලයකුට වත්මන් ජල සම්පාදන පනතට අනුව ඇස්තමේන්තු කරනු ලබන්නේ වසර දෙකක දඩ මුදලක් පමණක් බවද, මෙමගින් සාමාන්‍ය ජල පාරිභෝගිකයන්ට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයක් බවද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගතවූ මාස 7 තුළ කොළඹ නගරය තුළ පමණක් හොරෙන් ජලය ලබාගත් පුද්ගලයන් 404දෙනෙකුගෙන් රුපියල් කෝටි දෙකහමාරක් දඩ මුදලක් ලෙස ලබාගෙන ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයා මොනවා කරයිද දන්නෑ.., ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි....
දිවයිනේ සියලුම ප්‍රදේශවල වගේ ප්‍රෙෂර් නොමැති බව කියමින් නව ජාල සම්බන්ධතා සැපයීම සීමාකර ඇත. ඉංජිනේරුවන්ට රුපියල් 20000ක් විතර පගාව දුන්නාම නිකන්ම ප්‍රෙෂර් එක වැඩිවෙලා, ජාල සම්බන්ධතාව ලැබෙනවා. මේ ගැනත් සොයා බලන්න.
මහබැංකු, BMW... නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.
ඔබතුමා මුලින්ම 1970 දී මන්ත්රීවුනේ කිරිඇල්ල ආසනයෙන් වුණත් එහිනම ඔබතුමාම ඇහැලියගොඩ කියා වෙනස්කළා. නමුත් ඇහැලියගොඩ කියා ග්රාමනිලධාරි වසමක් නැහැ. ඇහැලියගොඩ කියන්නෙ කැන්දන්ගමුව නගරයට. ඉතින් ඔබතුමා මෙම ආසනයට ඇවිත් සංවර්ධන කටයුතු රාශියක් කර ඇතත් කැන්දන්ගමුව නගරයත් ඇහැලියගොඩ ගමත් (මාහිංගොඩ වසමත්) අවට පෙදෙසුත් පානීය ජලය නැතිකමින් පීඩාවිඳිනවා. මෙම ජලප්රශ්ණයට විසඳුමක් ලබාදෙන්න..
ප්‍රසිද්ධියේ මිනීමරලා උසාවියෙන් මරණ දඬුවම නියම වුණු පුද්ගලයෙකුට, මනාප දෙන්න කියලා උසාවියට අපහාස කරපු කෙනෙකු මෙවැනි ඇමැතිකමකට සුදුසු නැත. බටහිර රටක දේශපාලකයෙක් මෙවැනි ප්‍රකාශයක් කළා නම් ඡන්ද දායකයා මොහුට ඡන්දය නොදෙනු ඇත.