
(ළහිරු හර්ෂණ)
නව රජයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ආර්.එම්.සී.බී.රත්නායක මහතා අද(14) රාජගිරියේ පිහිටි වනජිවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේදී ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් රාජකාරි ආරම්භ කළේය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා මහතා, අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝ, හිතවත්හු සහ අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ගරු ඇමතිතුමාට සුබ පතන අතර එක් ඉල්ලීමක් කිරීමට කැමැතිය. එනම් ස්වාභාවික අාපදා හෙවත් වැසි හා සුළං හේතුවෙන් ඉදිරී වැටෙන කොස් ආදී ගස් අයිතිකරුන්ට කපා ගැනීමට අවශ්‍ය අවස්ථාවන්හි බලපත්‍ර සඳහා දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ. ගස් කැපීමටත්, ඉරාගැනීමට ප්‍රවාහනයටත් නැවත අයිතිකරුගේ නිවසට ගෙනයාමටත් අවශ්‍ය බලපත් ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ග්‍රාම නිලධාරින් ළඟටත් අවස්ථා 10කට වැඩි වාර ගණනක් යාමට සිදුවේ. ගසක් ඉදිරී වැටීම අයිතිකරුට පාඩුවක් වුවත්, බලපත්‍ර ලිපිකරු සතුටුකළ නොහැකිවූවානම් ලියා ඇති බලපත්‍රය නිරෝධායනය කිරීමට කටයුතු කරන අවස්ථා අනන්තවත් සිදුවේ.. ගරු ඇමතිතුමණි අසරණයින් තවත් අසරණ කරන මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන්න..
මේ සැරේවත් වනඅලි ඉෂූ එක විසඳෙයිද? දැනට වසර 75ක ඉඳන් මේගොල්ලන් දෙපළ ඕවා පාලනය කළා. ඒත් තාම මිනිස්සු මැරෙනවා අලි ගහලා.