ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට ගලිගමුව පාසල අසලදී ත්‍රිරෝද රථයක් හා බසයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරින් අද (20) දෙදෙනෙකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 20 January 2020
රනිල් - කරු තීරණාත්මක හමුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රී කොළඹදී පැවැත්විණි. 20 January 2020
කළු කොටියෙක් වසර ගණනකට පසු යළි මතුවෙයි මෙරට ජීවත්ව සිට වඳවී ගියා යැයි විශ්වාස කළ කළු කොටියකු සිරිපා අඩවිය ආසන්නයෙන් සොයාගත හැකිවූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 20 January 2020
රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ ගෙන්වයි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 19 January 2020
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුනු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇඹිලිපිටිය මහධිකාරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් අද (19) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. 19 January 2020
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර සී.ඒ. චන්ද්‍රප්‍රේමට ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ නම යෝජනා වී ඇත. 19 January 2020
නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන් නඩත්තුව හැකි අයට දෙන්න යයි අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන්, නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට ලබාදී දැනට පවරා ඇති නඩු කටයුතු අවසන් කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත. 19 January 2020
ටිපර් - බස් රථ ගැටුමෙන් සිව්දෙනෙක් මරුට තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ඉදිරිපිට දී අද (19) රාත්‍රී 9.00ට පමණ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු මියගොස් ඇතිබව හුංගම පොලිසිය පවසයි. 19 January 2020
සමූහ සත්ත්ව ඝාතන පාරාවළල්ලක් වේවි මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී අද(19) පැවැසීය. 19 January 2020
යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිලයකින් 80ක් මරුට යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් භටයන් 80ක් පමණ ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 19 January 2020
ජල ඒකක 15 ට වැඩි පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු ඉහළට ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට අද (19) පැවැසීය. 19 January 2020
විදේශ රැකියා ඒජන්සි ලියාපදිංචිය අලුත් කරද්දී පොලිස් වාර්තා කැඳවන්න උපදෙස් විදේශ රැකියා ඒජන්සිවල ලියාපදිංචිය අලූත් කරනවිට පොලිස් වාර්තා කැඳවන ලෙස විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත. 19 January 2020
ෂබානා අස්මි රිය අනතුරක භාරත සිනමාවේ පරිණත නිළියක වන ෂබානා අස්මි මහත්මිය මුම්බායි- පූනේ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. 19 January 2020
මී මුනුබුරා නොදැක මහ රැජිනත් ශෝකයෙන් එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ. 19 January 2020
සෑම අමාත්‍යාංශයකටම සේවක සබඳතා සහකාර ලේකම්වරයෙක් සෑම අමාත්‍යාංශයකටම වෘත්තීය සමිති හා සේවක සබදතා සඳහා සහකාර ලේකම්වරයකු බැගින් පත් කිරිමට රජය තීරණය කර ඇත. 19 January 2020
පේරාදෙණිය සරසවියෙන් බත්කොළ ඉවතට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් මුල් වී විශ්ව විද්‍යාල භූමිය බත් කොළ භාවිත නොකරන පෙදෙසක් බවට පත් කර ඇත. 19 January 2020
සභානායක ලේකම් ධුරය හර්ෂ විජේවර්ධනට පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ධූරයට කේ.ජී. හර්ෂ විජේවර්ධන මහතා පත්කරනු ලැබ සිටී. 19 January 2020
‘ජනතාවට - පාර්ලිමේන්තුවට හොරෙන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ‘ තම ආණ්ඩුව මොනම හේතුවකටවත් ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරොන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 19 January 2020
ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසියි අග්‍රාමාත්‍ය කාර්යාලයේ කොටසක් වශයෙන් ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 19 January 2020
ගුවන් තොටුපළ සෞඛ්‍ය ඒකකය සීරුවෙන් චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් උණ රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 19 January 2020
‘ජාතිකත්වය මත පදනම් වූ පක්ෂ ලංකාවට අවශ්‍ය නෑ’ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන පක්ෂ ලංකාවට අවශ්‍ය නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අද(19) පැවසීය. 19 January 2020
දකුණු පළාතේ අනාථ දරුවන් අඩුවෙයි පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව යටතේ දකුණු පළාත තුළ ක්‍රියාත්මකවූ ළමා නිවාස 36 ක සංඛ්‍යාව මේවන විට 29 දක්වා අඩු කර ගැනීමට හැකිවී ඇතැයි දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි. 19 January 2020
අරාබියට එන්නැයි ජනපතිට ආරාධනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එරට ඔටුන්න හිමි ෂේක් මොහොමඞ් බින් සයීඞ් අල් නහ්යන් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 19 January 2020
ඇල්ල - වැල්ලවාය මාර්ගයට කසළ කඳු කඩාවැටෙයි ඇල්ල නගරයේ කසළ අංගනයේ කසළ කඳු, ඇල්ල - වැල්ලවාය මාර්ගයට සහ කිතල් ඇල්ල මාර්ගයට කඩා වැටෙමින් පවතින බව ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා අද (19) ලංකාදීපයට පැවසීය. 19 January 2020
ඊ.ටී.අයි රජයට පවරාගන්නැයි තැන්පතුකරුවෝ ජනපතිගෙන් ඉල්ලති ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ දේපළ ඈවර නොකර රජයට පවරා ගෙන එහි තැන්පත්කරුවන්ට ක්‍රමානුකූලව සහන සලසන්නැයි ජනාධිපතිවරයාගෙන් ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. 19 January 2020
ආයුර්වේද උපාධිධාරීහු 674ක් රැකියා ඉල්ලති වසර තුනක පමණ කාලයක සිට ආයුර්වේද වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවාගෙන නැතැයි උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති. 19 January 2020
ජී.එස්.පී ප්ලස් 2023 දක්වා ලබා දීමට යුරෝපා සංගමය එකඟ වෙයි ජී.එස්.පි ප්ලස් බදු සහනය 2023 වසර දක්වා අඛණ්ඩව ලබාදීමට යුරෝපා සංගමය එකඟතාවය පළකර ඇත. 19 January 2020
ජනපතිවරණ රාජකාරි කළ ගුරුවරුන්ට දීමනා ගෙවා නෑ ජනාධිපතිවරණයේ රාජකාරී කළ ගුරුවරුන්ට මෙතෙක් එම දීමනා ගෙවා නැතැයි වාර්තා වේ. 19 January 2020
නවකවදයේ වින්දිතයන්ට සහන දෙන්න සත් පුද්ගල කමිටුවක් විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූවන්ට සහන සැලසීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබේ. 19 January 2020
‘සංවර්ධන මුදල් නොලැබීමෙන් මොරගහකන්දේ සේවකයන් 2000ක් ඉවත්කරලා’ මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සංවර්ධන මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට එහි කම්කරුවන්, වැඩ පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අද(19) සඳහන් කළාය. 19 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026