මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හිටපු ඇමැති ලක්ෂ 20,050 ක් වියදම් කරලා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් රුපියල් ලක්ෂ 20,050 ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු විෂයභාර ඇමතිවරයා විසින් වියදම් කර ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (21) පැවසීය. 22 January 2020
ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකතන සංවාද උසාවියේදී දිග හැරේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත්තා යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් යන තිදෙනා ඇතුළු පිරිසක් දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් 22 January 2020
හැරී-මේගන්ගේ පෞද්ගලිකත්වය රකින බව කැනේඩියානුවෝ කියති රාජකීය භූමිකාවෙන් ඉවත් වූ හැරී-මේගන් යුවල කැනඩාවේ ගතකරන නිදහස් ජීවිතයට අදාළව ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බව ඔවුන්ගේ නව අසල්වැසියෝ පවසති. 22 January 2020
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි. 21 January 2020
‘අර්ජුන් ඇලෝසියස්ගේ හඬපටත් මා ගාව තියෙනවා. හැකිනම් කොමිසමක් දාන්න’ බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් තමන්ට කතා කරපු අවස්ථාවල හඬපට තමන් සතුව ඇති බවත්, ඔහු තමන්ට සල්ලි දෙන්න උත්සාහ කිරීමේ හඬපට තමන් සතුව ඇති බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හැකිනම් තමන්ගේ හඬපට විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කර ලෙස කියා සිටී. 21 January 2020
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (21) පස්වරුවේ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇත. 21 January 2020
අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ් පැල්මඩුල්ල අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකුගෙන් රුපියල් 50000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත්කළ පැල්මඩුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙකු පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 January 2020
‘‘ජනපති - අගමැති තනතුරුවලින් ඉවත් වූ පසු නීතිපතිට පෙනී ඉන්න බෑ‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නීතිපතිවරයා බැඳී සිටින නමුත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වූ පසුව එම බැඳීම අවසන් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පැවසීය. 21 January 2020
දිලුම් අමුණුගමට - සී.බී රත්නායකට විෂයයන් පැවරේ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු වන දිලුම් අමුණුගම සහ සී. බී රත්නායක යන අමාත්‍යවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා තිබේ. 21 January 2020
බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. 21 January 2020
දයාසිරි ශ්‍රී.ල.නි.ප.යට තුනෙන් එකක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය ස`දහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් එකක අපේක්ෂක ප්‍රතිශතයක් ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 21 January 2020
පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය. 21 January 2020
ගානියර්ගේ දුරකතන වාර්තා ගැන සීඅයිඩීය අධිකරණයට කරුණු දක්වයි පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
ශානි බ්‍රහස්පතින්දා සීඅයිඩීයට වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ශානි අබේසේකර මහතා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද(21) අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
වැඩ තහනම් වූ බද්දේගම මහෙස්ත්‍රාත් අපරාධ කොට්ඨාසයට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධ සිද්ධියකට දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 21 January 2020
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. 21 January 2020
අල්ලස් ගත් ආගමන විගමන කළමනාකාර සහකාරවරයා රිමාන්ඩ් අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළාය. 21 January 2020
හෙරොයින් ළඟ තබාගත්තැයි ජීවිතාන්තය දක්වා හිරේට හෙරොයින් ග්‍රෑම් 03 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග්රැන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය. 21 January 2020
කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ. 21 January 2020
රාජිතට නොතීසි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය සළකා බැලීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (21) නොතිසි නිකුත් කළේය. 21 January 2020
ටීඑන්ඒ සමඟ එක්වන්නැයි විග්නේෂ්වරන්ට ආරාධනා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය. 21 January 2020
අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2020
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරට ඇප මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිය පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ මහතා අද ( 21 ) නියෝග කළේය. 21 January 2020
දිඹුල්දෙන ගස් පාලමෙන් වැටී සිසුවකුට තුවාල මැදගම දිඹුල්දෙන ගම්මානයට දහමල් ඔයේ ගස් උඩ අතු අතර දැව කොටන් මතින් ගමන්කළ පාසල් සිසුවෙකු බිමට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 21 January 2020
19 අහෝසි වෑයමට එරෙහිව නැගී සිටිමු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 January 2020
මහියංගන-නුවර පාරේ 6 වෙනි වංගුවේ නායයාමක් මහියංගනය - නුවර මාර්ගයේ (18 වංගුව) හයවෙනි වංගුවේදී අද(21) මාර්ගය නාය ගොස් තිබේ. 21 January 2020
දඹුල්ලේ එළවළු මිල පහළට පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ. 21 January 2020
උමාඔය ව්‍යාපෘතියේ සේවයකුට ඉරාන ජාතිකයෙක් පිහියෙන් අනී උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඉරාන ජාතිකයකු විසින් උමාඔය ව්‍යාපෘතියේම සේවයේ නියුතුව සිටි රියදුරකුට පිහියකින් ඇන බරපතල තුවාල ලබා අද (21) මොනරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 21 January 2020
ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවට ලක්ෂ 9 ක දඩයක් නුගේගොඩ බස් නැවතුම්පොළ සහ පොදු වෙළෙඳපොළට අවුරුදු 15 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අනවසර ජල වැටලීම් අංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවට රුපියල් ලක්ෂ 9 ක දඩයක් නියම කර ඇත. 21 January 2020
අධිකරණයට ගෞරව නොකරන රටකට ඉදිරියට යා නොහැකියි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) පැවැසීය. 21 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026