IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය


රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුකැලේ ගම්මානයේ ජීවත්වන පවුල් 72ක් විදුලිය බලය නොමැති නිසා අන්ත දුෂ්කර ජීවිතයක් ගත කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. විදුලිය බලය නොමැති හෙයින් එම ගම්මානයේ ජීවත්වන සිඟිති, තුරුණු, වැඩිහිටි සියලු පිරිස්වලට කුදු මහත් අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවත් ලාම්පු තෙල් සොයා ගැනීමට නොහැකි වූ විට මුළු ගම්මානයම අන්ධකාරයෙන් වැසී යන බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

21 වැනි සියවසේ ජීවත්වන ශ්‍රී ලංකාව යනු කොළඹ යැයි සිතන ජනතාවට මෙබඳු ගම්මාන රටේ ඇතැයි සිහිනයෙන් හෝ නොසිතෙන්නකි. එහෙත් ඇත්ත තත්ත්වය නම් සංවර්ධනයේ අරුණලු නොවැටුණු අන්ත දුගී හා දුෂ්කර තත්ත්වයට පත් ගම්මාන තවමත් අප රටේ පවතින බවය. ලංකාදීප පුවතින් එබඳු එක් ගමක් රටට අනාවරණය විය.

විශේෂ ප්‍රණාමය පිරිනැමිය යුතු කතාවක් ද ඇත. එනම් කළුකැලේ ගම්මානය සම්බන්ධ අප ප්‍රවෘත්තිය දුටු විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, එතුමාගේ වචනයටම අනුව ‘ඩලස් ගා’ ක්‍රියාත්මක වීමය. තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව යම් ප්‍රවෘත්තියක් වාර්තා වූ විට ඒ සම්බන්ධයෙන් පිරික්සා බැලීමට කමිටු පත්කර එම කමිටු වාර්තාව එනතුරු මාස ගණන් ගත කර, කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමට තවත් මාස ගණනක් ගත කරන අත්දැකීම් ඇති සමාජයක විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීප පුවත පළවූ දිනයේදීම කළුකැලේ ගමට විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දීම අතිශයින්ම පැසසුම් කටයුතුය.

විදුලිබල ඇමැතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඉතාමත් කෙටි කලක් ඇතුළත කළුකැලේ ගම්මානය විදුලියෙන් ඒකාලෝක වනු ඇති බවය. එම ප්‍රකාශය ඉතාම කෙටි කලක් තුළ ජීවමාන යථාර්ථයක් වනු ඇති බව ද ලංකාදීපයේ ඒකාන්ත විශ්වාසය වේ.

කළුකැලේ ගම්මානයේ විදුලිය නොලැබීමේ සිද්ධිදාමය හරහා මෙරට සංවර්ධනයට අදාළව ඇති ප්‍රායෝගික ගැටලු හා බාධා හඳුනා ගැනීමේ ඉඩක් ද විවර වේ. මෙම ගම්මානයට විදුලිය ලබාදීමේ මුල් පියවර තබා තිබෙන්නේ 2017 වසරේදීය. ඒ ඌව උදානය ව්‍යාපෘතිය යටතේය. එහෙත් විදුලි මාර්ගය ඉදිකිරීමට නියමිත මාර්ගයේ ඇති අවහිර ගස් ඉවත් කිරීමට ඒවා පිහිටි මඩොල්සිම වතු සමාගම අකැමැති වීම නිසා එම ව්‍යාපෘතිය 2018 වසරේදී අතහැර දැමීමට සිදුවී තිබේ. කෙසේ වෙතත් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ඉල්ලීම මත අදාළ වතු සමාගම එම ගස් ඉවත් කිරීමට කැමැත්ත පළ කළ ද වෙනත් ප්‍රායෝගික ගැටලු මතුවීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නැත.

විදුලිබල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව කාර්යාලය) ඉංජිනේරු පී.ඩී.බී. රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම ගම්මානයේ පවුල් 72කට විදුලිය ලබාදීම සඳහා ව්‍යාපෘතියක් මෙන්ම ඇස්තමේන්තුගත වටිනාකම පවා සකස් කර ඇති බවයි.

කළුකැලේ ගම්මානයට ඇති ප්‍රවේශ මාර්ගයේ ඇති අබලන් බව භාණ්ඩ ප්‍රවාහනයට බරපතළ බාධාවකි. විදුලිය කණු ඇතුළු අනෙකුත් උපාංග ප්‍රවාහනය පහසු නැත. ඒ සඳහා සුදුසු මාර්ගයක් තිබිය යුතුය. එහෙත් අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම පාලම් විදුලිය කණු, ට්‍රාන්ස්ෆෝමර හා අනෙකුත් උපාංග රැගෙන යාමට තරම් සුදුසු මට්ටමක නොමැති බවය. මෙම තත්ත්වය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අවධානයට යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

මෙරට සංවර්ධන ක්‍රියාන්විතයේ ඇති අභියෝග ඉහත පරිදිය. මේවා අස්වාභාවික නොවේ. එක් අතකින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. ගම වෙනත් තැනකට රැගෙන යාම ප්‍රායෝගික නොවේ. ඒ වෙනුවට කළ යුතු වන්නේ ගමට ඇති ප්‍රායෝගික අභියෝග ජය ගැනීමය. කළුකැලේ ගම්මානයට විදුලිය ඒමට පෙර ඉතා හොඳ මාර්ග පද්ධතියක් ලැබෙන ලකුණු ඇත. ගමක් දියුණු වන්නේ එසේය. මෙම සංවර්ධන ක්‍රියාදාමය එකිනෙකට සම්බන්ධය.

කළුකැලේ ගමට පාර ලැබී විදුලිය ලැබුණ විට ප්‍රවාහන පහසුකම් සැලැසෙනු ඇත. දැනට රාත්‍රියට අන්ධකාරයේ ගිලෙන කළුකැලේ ගම්මානය රටත් සමග සම්බන්ධ වේ. මේ ආකාරයෙන් මේ රටේ දුෂ්කර ගම්මාන හඳුනා ගනිමින් එම ගම්මාන දියුණු කරමින් එම ගම්මානවල ජීවත්වන පුරවැසියන්ට ද සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ සාධාරණ ඉඩක් සකස් කළ යුතුය. එබඳු මහා සංවර්ධන සංග්‍රාමයකට මුල පිරීමේ අනගිතම අවස්ථාව ඩලස් අලහප්පෙරුම මහතාට විදුලිබල ඇමැතිවරයා වශයෙන් හිමිවී තිබේ. මුළු රටම එදෙස බලා සිටින බව අපි අවධාරණය කරමු.

(***)

 



අදහස් (0)

කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර
2025 මැයි මස 01 43 0

හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ


පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී
2025 මැයි මස 01 70 0

මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල


භූතයෙක් විකුණා ලක්ෂ 38 ක් වංචා කරලා
2025 මැයි මස 01 128 0

අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය


ලොග්ගල්ලා ඔය වාන්දමයි
2025 මැයි මස 01 68 0

මේ දිනවල පවත්නා වර්ෂාව හා පෝෂක ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (01) බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමමින් තිබේ.


තැන තැන කම්කරු දින සැමරුම්
2025 මැයි මස 01 27 0

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි ඇත.


ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක
2025 මැයි මස 01 242 0

ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 307 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 82 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site