ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහි තීන්දුව මාර්තු 13 දා ප්‍රකාශයට ‘ඇවන්ට්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (6) දැනුම් දුන්නාය. 06 February 2020
ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය. 06 February 2020
වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි. 06 February 2020
බලපත්‍ර රහිත තුවක්කු බාරදෙන්න සහන කාලයක් බලපත්‍ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 06 February 2020
කපිල චන්ද්‍රෙස්න-බිරිඳ රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ බාර වීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) නියෝග කළේ ය. 06 February 2020
කපිල චන්ද්‍රසේන-බිරිඳ කොටුව අධිකරණයට අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී. 06 February 2020
දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් නිදහස් රිපබ්ලිකන් පක්ෂය දෝෂාභියෝග නඩු විභාගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිර්දෝෂී කරමින් ඔහුට දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව සැලැසීය. 06 February 2020
කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කළ චීන වෛද්‍යවරයා මියයයි චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්ව හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ. 06 February 2020
‘ශ්රීලනිපය සමඟ සන්ධානගත වුවත් නාමයෝජනා ලැයිස්තුවෙන් සියයට 30 ක් වෙන් කරන්න බෑ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වුවද ඉදිරි මහා මැතිවරණයේ දී නාම යෝජනා ලැයිස්තුවෙන් 30% ක ප්‍රතිශතයක් වෙන් කිරීමට තම පක්ෂයට හැකියාවත් නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අද (6) පැවසීය. 06 February 2020
අ'පුර, නුවර වැව් බැම්ම මත මාර්ගය විවෘත කිරීමට යයි වසර 25ක් තිස්සේ වසා දමා ඇති අනුරාධපුර නුවරවැව බැම්ම මතින් පිහිටා ඇති මාර්ගයේ මහජනතාවට ගමන් කිරිම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස අනුරාධපුර නගරයේ ව්‍යාපාරික සංගම් රජයෙන් ඉල්ලා සිටී. 06 February 2020
ගාලු පාර අවහිර වෙයි ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය පවසයි. 06 February 2020
දුම් පරීක්ෂණ -කාබන් බද්ද අහෝසි කරන්නැයි ප්‍රවාහන ඇමැතිට ලිපියක් වාහනවල දුම් පරීක්ෂණය නවතන්නැයිද කාබන් බද්ද අයකිරීම අහෝසි කරන්නැයිද සඳහන් කරමින් මුහුදුබඩ දුම්රිය මගී සමිතියේ සභාපති ගාල්ලේ ගුණපාල විතාරණ මහතා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. 06 February 2020
ඉපදී පැය 30 ක් ගතවූ බිලිඳෙකුට කොරෝනා වැළඳෙයි ඉපදී පැය 30ක් ගත වූ බිලිඳකුට මාරාන්තික කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 06 February 2020
වසර 10 ක් පුරා ප්‍රතිසංස්කරණය නොකළ මාර්ග සංවර්ධනයට පියවර රට පුරා පසුගිය වසර 10ක් තුළ කිසිම ප්රතිසංස්කරණයක්, සංවර්ධනයක් නොකෙරුණු මාර්ග කිලෝමීටර ලක්ෂයක් මෙම වසර තුළදී සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 06 February 2020
‘ස්පාටකස්’ සමුගනී හොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන කර්ක් ඩග්ලස් මහතා ඊයේ(05) අභාවප්‍රාප්ත විය. 06 February 2020
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට නව ප්‍රවේශ මාර්ගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිවිසීම සඳහා නව මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 06 February 2020
වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන්සේවය හොං කොං ගමන් නවතයි වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන්සේවය, ඕස්ට්‍රේලියාව සහ හොං කොං අතර සියලු ගුවන් ගමන් ඉවත්කරගෙන ඇතැයි වාර්තා වේ. 06 February 2020
උපාධිධාරීන් 50,000 කට රජයේ රැකියාදීමට කැබිනට් අනුමැතිය උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 06 February 2020
ප්‍රා.ලේකම් අත්සන නොමැතිව ග්‍රාම නිලධාරී සහතිකය බලාත්මකයි යම් පුද්ගලයකු සඳහා ග්‍රාම නිලධාරීවරයකු විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතික සහ චරිත සහතිකය ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනු අත්සනින් තොරව වලංගු සහතිකයක් වන බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 06 February 2020
‘කොරෝනා’ යැයි සැක තවත් තරුණියක් යාපනය රෝහලට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකරන තරුණියක වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව වවුනියාව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්. නන්දකුමාර් මහතා පැවසීය. 06 February 2020
කෝටි දෙකක කේරළ ගංජා සමඟ අයෙකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් ගෙනවිත් යාපනය, තොන්නමන්නාරු, වළල ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය චංගානේ සුරාබදු කාර්යාලය පවසයි. 06 February 2020
කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 06 February 2020
පොලිසියේ නිලධාරීන් 14 කට ස්ථානමාරු සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 06 February 2020
කපිල චන්ද්‍රසේන අල්ලන්න පොලිස් කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10 ක් මිල දී ගැනීමේදී ඩොලර් විසි ලක්ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයි ද මුදල් විශුද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි යන අය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 06 February 2020
තුර්කියේ ගුවන් යානා අනතුරකින් 3ක් මරුට තුර්කියේ බටහිර ඉස්මීර් ප්‍රදේශයේ සිට ඉස්තාන්බුල් දක්වා ගමන් ගත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් තිදෙනෙකු මියගොස්, 179 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 06 February 2020
කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති. 06 February 2020
කොරෝනා වයිරසයෙන් 560ක් මිය ගිහින් - 28,000ක් ආසාධිතයි කොරෝනා වයිසරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 560 දක්වා ඉහළ ගොස් ඇත. 06 February 2020
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින් සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින්ද නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 05 February 2020
ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 05 February 2020
ප්‍රදේශ කිහිපයකට 7 වැනිදා ජල සැපයුම අත්හිටුවයි කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 05 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026