
(චමිල් රූපසිංහ)
චෝදනා පහක් යටතේ බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත්බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ තිලක් යු ගමගේ මහතා අද (29) පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.
මෙම සිද්ධිය සම්බන්ධව ගිය සතියේදී පොලිසිය විසින් කරුණු වාර්තා කර අතර අද දින එම ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබනු බවද ඒ සම්බන්ධව අදාල ලිපිගොනුව නිතිපතිවරයාටද යොමු කර ඇති බව ආණ්ඩුකාරවරයා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා මෙසේද කීය.
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවාද, මහාධිකරණයේ නඩු පවරනවාද යන්න තීරණය කරුනු ලබන්නේ නීතිපතිවරයා විසින් බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර ප්‍රධාන වශයෙන් මෙහි සඳහන් වී ඇත්තේ නිසි ක්‍රමවේදයකට මෙම ගොඩනැගිල්ල ඉදිකර නැති බව තහවුරු වී ඇති බවත් මහල් 5 ක බර දරා ගත නොහැකි පරිදි එම ගොඩනැගිල්ලේ පාදම ඉදි කර නොමැති වීම ප්‍රධාන සාධකය වී ඇති බව තහවුරු වී ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අද (29) වාර්තාව ලැබෙන බවත් මේ සම්බන්ධව හෝ වෙනත් කාරණයකදී සියලුම පළාත් පාලන ආයතන ඉදිරියේදී නායයෑම් සම්බන්ධව මහනුවර හා නායයැම් ඇති ප්‍රදේශ වල ගොඩනැගිලි වල හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි සඳහා විදිවිධාන හා නීතියට ගරු කර මෙවැනි අනීතික ගොඩනැගිලි සාදන අවස්ථාවලදී පාළාත් පාලන ආයතන වලට බලය ලබා දීම සඳහා සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වසන්ත යාපා මහතා හා අනිකුත් මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලබනු ඇති බවද ආණ්ඩුකාරවරයා එහිදී පැවැසීය.
මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිදිගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උලතියන්න ඕනේ...
බූවැලිකඩ අවට විශාලම ව්‍යාපාරය ළමුන් පාසල්වලට ඇතුළු කිරීමට ලියකියවිලි කාමර කුලියට දීම මගින් සාදා දීම.. රුපියල් ලක්ෂ 3-4 අතර, කුලී පදනමේ, ජලය, විදුලිය යනාදි සියලූම ලිය කියවිලි සාදාදෙනු ලබයි. කාමර 5 ඇත්නම් අඩුම අාදායම රුපියල් ලක්ෂ 15ක් පමණ.
නියම ප්‍රමිතියෙන් තොරව ගෙයක් හදපු එක වැරැදියි. ඒක ඇත්ත.. හැබැයි මෙයාව ඇප දීලා ගෙදර යැව්වා නම් හොඳයි. මොකද මිනීමරුවෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාද දෙන්න පුළුවන් නම් මේ මනුස්සයාට ඇපදෙන්න බැරිකමක් නැහැනේ. ගෙදර ඉඳන් උසාවි එන්න කියන්න. අපේ බදුමුදල් වලින් නඩත්තු කරන්නේ නැතිව...
රිෂාඩ්ගේ මල්ලි කෙළින්ම බෝම්බ කාරයින්ට උදව් කරලා ගෙදර ගියා නම් මෙයාවත් යවන්න.
පාස්කු ප්‍රහාරයෙනුත් 300ක් මැරුණා .
ඉදිරි අනාගතයේ දී බොහෝ ගොඩනැගිලි නිතර නිතර මේ රටේ කඩාවැටීම සිදුවීම වළක්වන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි වේවි. එයට හේතුව වන්නේ බොහෝ ගොඩනැගිලි කිසිඳු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීමයි. මේ රටේ තිබෙන කොන්ක්‍රීට් ගල් සාදනුයේ කිසිඳු ප්‍රමිතියකින් තොරවයි. වැඩිපුරම ඇත්තේ ගල්කුඩුයි. සිමෙන්ති යන්තම් ගාවනවා පමණයි. මිනිසුන් කිසිදු වග විභාගයකින් තොරව මේ ශක්තියක් නොමැති සිමෙන්ති ගල් ගෙන ගොස් ගොඩනැගිලි ඉදිකරනු පෙනේ. මේසන් බාස් සහ අත්වැඩකරුවන් බොහෝවිට ඉදිකිරීම් ගැන දන්නා දෙයක් නැත. එනමුත් ඔවුන් සිතා සිටින්නේ තමන් ඉංජිනේරුවන්ටත් වඩා දන්නා බවයි. ලාබය සලකාගෙන අහස උසට නැගෙන බොහෝ ගොඩනැගිලිවල සිමෙන්ති හරිහැටි නොයෙදීම නිසා ශක්තියෙන් අඩු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේවා ගැන කඩා වැටෙන තෙක් පරීක්ෂා කිරීමට කිසිඳු රාජ්‍ය අංශයක් වූ නිලධාරියෙක් ක්‍රියා කරන්නේ නැත. මෙවන් ලොවක ගොඩනැගිලි කඩා නොවැටුණහොත් තමා පුදුමය කියන්නේ...