
(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල-දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර 100 පිරෙන 2021 වසරේ දී පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ අද (29) පැවති නිළධාරි හමුවක දී අමාත්‍යවරයා ඒ බව පැවසීය.
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ආරාධනාවකට පැමිණි අමාත්‍යාවරයා එම ප්‍රදේශයේ සංචාරය කර පාලම සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ලෙස එය ජාතික උරුමයක් බවට පත්කිරීමට කටයුතු කර තිබේ.
1921 දී උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ ඉදිකළ පාලම දිගින් අඩි 300ක් ද, පළලින් අඩි 25ක් ද , උසින් අඩි 80ක් ද වේ.
ආරුක්කු නවයේ පාලම ගල්, ගඩොල් හා සිමෙන්ති වලින් නිර්මාණය කර තිබේ. මෙම පාලම 'අහස් නවයේ පාලම' නමින් ද හඳුන්වනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා? "විදේශිකයන් අතින් නිමවූ පාලම?" ලෝක ප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නමයේ පාලම හැදුවේ සුද්දෝ නෙමෙයි, අපේ සිංහලයෝ! සැලැස්මේ ඉඳන් වාස්තු කටයුතු සහ ඉදිකිරීම දක්වා සියල්ල කලේ අපේ සිංහලයෝ. ආණ්ඩුකාරයයි, ඇමතිවරයායි ඉගෙන ගන්න ඉතිහාසය...! දෙමෝදර ආරුක්කු නමයේ පාලම සැලසුම් කලේ ලෝක පූජිත ශ්‍රී ලාංකික ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පී ඩී.ජේ. විමලසුරේන්ද්‍ර. ඔහුගේ අධීක්ෂණය යටතේ පාලමේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩකලේ ඒ.කේ. අප්පුහාමි කියන මේසන්වැඩ සහ ඉදිකිරීම්වලට දක්ෂ සිංහලයෙක්... මේ පාලමේ සැලැස්ම සකස් කළාම ඉංග්‍රීසින්ට දැනන් හිටියේ නැහැ යකඩ සහ වානේ නැතුව පාලම ඉදිකරන්නේ කොහොමද කියලා. ඒ කාලේ ලංකාවේ සියලු යකඩ පළවෙනි ලෝකය යුද්ධයේ ආයුධ නිෂ්පාදනය සඳහා පිටරට යවන්න නියම කරලා තිබ්බ නිසා ඉංග්‍රීසින් මේ පාලම ඉදිකලේ නැහැ. එතකොට අප්පුහාමි තමයි ඉස්සරහට ඇවිල්ලා මේ පාලම ඉදිකරන කොන්ත්‍රාත්තුව ගත්තේ... එක යකඩ කූරක් හෝ කොන්ක්‍රීට් බිඳක් නැතුව, තනිකර ලංකාවේ කළුගල්, ලංකාවේ ගඩොල්, ලංකාවේ සිමෙන්ති පාවිච්චි කරලා මේ පාලම හදලා තියෙන්නේ. ඇස්වහක්, කටවහක් වදින්න එපා, මේ පාලම ජාතික උරුමයක් නෙමෙයි... ලෝක උරුමයක් වියයුතු විශ්මිත නිර්මාණයක්...
අනේ සුද්දෝ නොඋන්නානම්....
ආරුක්කු නමයේ පාලම හදලා ඉවර කරලා තියෙන්නේ 1921. පටන් ගත්ත දවස ගැන සඳහනක් නැහැ. හේතුව ඉදිකරන්න අවුරුදු 10ක් 20ක් යන මේ වගේ පාලමක් කෙටි කාලයකින් ඉදිකළා කියන එක වහන්න වෙන්න පුළුවන්. අනික අපේ තාක්ෂණයෙන් සිංහලයින් මේ පාලම ඉදිකරලා තියෙන්නේ අවුරුදු 100කට එහාදී. හැමතැනම මේ පාලම ගැන කියන්නේ යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ විස්මිතයක් කියලා. ගෞරවය දෙන්නේ සුද්දන්ට... පුරාවිද්‍යාව නිශ්ශබ්දයි. පුදුමයකුත් නෙමෙයි. අපේ බුදුදහමත් ඉන්දියාවට දුන්නු කොට. ජාතික උරුමය ඇමතිවරයා ඉතිහාසය දන්නේ නැහැ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ කෘෂිකර්ම උපාධිධාරියෙක්ව කෘෂිකර්ම ඇමති නොකර, ජාතික උරුමය බාර දීම... අවුරුදු 72ක් පුරා නැගිට ගන්න බැරිව ඉන්න ලංකාවට තියෙන ප්‍රශ්නේ දේශපාලකයින්ගේ නොදැනීම... ලංකාව වගේ ස්වභාවික සම්පත් පිරිණු රටකට පොතේ උපාධි, ආචාර්ය, මහාචාර්ය පට්ටම් තියෙන මන්ත්රීලාගෙන් වැඩක් නැති බව අවුරුදු 72ක් තිස්සේ පෙන්නලා තියෙනවා. පාර්ලිමේන්තු යන්න ඕනේ ලංකාවේ ඉතිහාසය, භූගෝලය, සිංහල, බුද්ධාගම, ගණිතය, ගෙදර අයවැය ගැනවත් සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සු. පාර්ලිමේන්තුවට තෝරාගන්න ඕනේ බුද්ධි පරීක්ෂණයකින්. ජනාධිපතිවරයා චක්‍රලේඛ ගැන දන්නෑ...
ඇයි.. දැන් වෙනකම් මේ පාලම කාටද අයිතිවෙලා තිබුණේ? මොලේ අවුල්වෙලාද?
අර ඇතුගල්පුර නගරාධිපති දුම්රිය සාමාන්‍යාධිකාරී කරානම් ඔය පාලම බිමට සමතලා කරලා නවීන පාලමක් ඉදිකරාවි.
පුවත දකිද්දීම තේරුණා ඊළඟට හැදුවේ සුද්දාද? අප්පුහාමිද? කියලා යුද්දෙ පටන් ගනීවි කියලා...
සුද්දා හැදූ පාලම ජාතික උරුමයක් කරන්න යනවාලු.. සුද්දාට පින් දෙන්න ඕනේ මෙහෙම දෙයක් හැදුවාට. මෙහෙමත් රටකනේ අපි ඉපදුණේ..
අපොයි, මේ පාලමටත් කෙළින්න වගේ. මෙතනට හතර වටින්ම විදේශික සංචාරකයෝ එනවා මේ විශ්මිත නිර්මාණය නරඹලා පරිසරය රස විඳින්න. නමුත් මෙතනට යන්න හරිහමන් පාරක් නැහැ. ගෙවල් වතු මැද්දෙන් පල්ලම් දිගේ රූටලා ගිහින් තමයි යන්නේ. ඉස්සෙල්ලාම ඒක පිළිවෙළක් කරන්න.
මෙතන ජාතික උරුමයක් කිරීමේ ගැටලුවක් නැහැ. නමුත් මේවා නිරන්තරයෙන් අලුත්වැඩියා කළයුතු වෙනවා. ජීවිත දහස් ගණනක් මේ මතින් දිවෙනවා. නිසි කලට අලුත්වැඩියා නොකළොත් ජීවිත දහස් ගණනක් අනතුරේ. මේ විදියට පවරා ගනිපු ඒවායේ අලුත්වැඩියා කටයුතු අන්තිමයි. ඒකයි මෙහෙම කියන්නේ. මම දන්න විදුහල්පති නිල නිවසක් තියෙනවා වසර 200ක් විතර පරණ (දකුනේ). ඒකේ අලුත්වැඩියාව පටන් ගත්තේ 2016 විතර.. දැනටත් ලක්ෂ 100කට වැඩිය වියදම් කරලා. අද වෙනතුරු කිසිම නිමාවක් නැහැ. මේ දරපු වියදමින් තවත් නිලනිවාස 2ක් හදන්න තිබුණා. වැඩ ඉවර කරන්න තවත් ලක්ෂ ගාණක් ඕනෑලු... ඔන්න ඔහොමයි වැඩ...
මේ පාලමට අවශ්‍යවන්නේ හොඳ නඩත්තුවක්.. ඕවා පම්පෝරි නොවේ.
මේ පාලම ඉදිකරන සමයේ පැහැදිලි මතකයක් සහිත කිසිවකු අද ජීවතුන් අතර නැත. මා මෙය ඉදිකලා යයි කියන පුද්ගලයින්ට අපහාස නොකරමි. එහෙත් යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලෝකයේ රටවල් ගණනාවක මෙයට පෙර මෙම ආකෘතියේම පාලම් කිහිපයක් ඉදිවී ඇත. එම පාලම් සඳහා මග පෙන්වූයේ ද අප්පුහාමි මහතා විය නොහැක. ඉන්දියානු ශිල්පීන් අතින් නිමවූ රම්බඩගල්ල සමාධි බුදුරුවද තව ශතවර්ෂ ගණනාවකදී සිංහල කළා නිර්මාණයක් ලෙස කිසිවකුට හෝ සිතිය හැකිය.
ඔය පාලම බලන්න යන දහස් ගණනක දෙස්විදෙස් සංචාරකයින්ට පිරිසිදු වැසිකිළියක්වත් හදා දුන්නොත් තමයි වටින්නේ. අවශ්‍ය නම් අල්ලා දුම්රිය පළට ගිහින් බලන්න. එතන ස්ථානාධිපතිතුමා සහ සේවක පිරිස දුම්රිය ස්ථානය සහ මගී පහසුකම් කොච්චර අගේට පවත්වාගෙන යනවාද කියලා. හිත ඇත්නම් පත කුඩා නැහැ.
මෙවැනි ආරුක්කු සහිත පාලම් යුරෝපයේ බහුලව දකින්න පුළුවන් පාලම් විශේෂයක් වන අතර (උදා. ස්විට්සර්ලන්තයේ පිහිටි Landwasser_Viaduct පාලම) උඩරටට මාර්ගය එළීමේදී අලගල්ල කන්ද පාමුල තිබූ මෙවැනිම පාලමක් (Alagalla viaduct) පිළිබඳවද ඉතිහාසයේ සඳහන් වනවා. ඒ නිසා මෙය අප්පුහාමි බාස්ගේ නිර්මාණයක් නොවන බව නම් පැහැදිලියි. අනිත් කාරණය මෙය තනිකර ගල් පමණක් යොදාගෙන කළ නිර්මාණයක් බව පැවසෙතත් මෙම ප්රකාශනයේ හැටියට එයට කොන්ක්‍රීට් යොදා වැරගන්වා තිබෙනවා. එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ පිළිබඳව පළපුරුද්දක්, අත්දැකීමක් තිබුණු බවත් ලාංකික ගැමියෙකුගේ අදහසක් බව කීම අප විසින් අපවම රවටාගැනීමක් බවත්... අපට ආඩම්බර විය හැකි අපේම නිර්මාණ කොතෙකුත් තිබියදී ඇයි මේ සුද්දන්ගේ දේවල්ම පුරාජේරු කීමට යොදා ගන්නේ? අපට අපේම දැනුම් සම්භාරයක් තිබුණු නමුත් රජරට රාජධානි වල පිරිහීමත් විදේශීය ආක්රමණත් නිසා එම දැනුම අභාවයට ගිහින් තියෙනව. ඒ නිසා ඇත්තටම ආඩම්බර වෙන්න අපේ දේවල් තිබියදී ඇයි අපේ නොවන දෙයක් අපේ කරගන්න උත්සාහ ගන්නේ?
සමහරක් සිංහල දේශප්‍රේමීන්ට පිළිගැනීමට නොහැකි වූවාට, සුද්දෝ අපේ රටට, ජාතියට උරුම කළ දේවල් නම් බොහෝයි. බාස් උන්නැහේ ඇතුළු කම්කරුවන් සිංහලයින් වුවත්, සැලැස්ම හා ඉංජිනේරු තාක්ෂණය සුද්දා ලබාදුන් බව පිළිගැනීමට ඕනෑතරම් සාධක යුරෝපයේ සංචාරය කළ කෙනෙකුට අැස්දෙකෙන්ම දැක සත්‍යය වටහාගත හැකියි. මෝඩයින් හැමදාම කලේ තමන් විසින් තමන්ව රවටාගෙන මනස සකස් කර ගැනීම තමයි. අන්න ඒ උද්දච්ඡ කුහකයින් නිසා තමයි රටට මේ තත්වය උදාවී තිබෙන්නේ... ඇත්ත කතාව නම් ඉතින් සුද්දෝ නැත්නම්, තවමත් වැද්දෝ වගේ තමයි ජීවත් වෙන්නේ...
අප්පුහාමිද, සුද්දාද මේ පාලම හැදුවේ කියලා දැනගන්න විකිපීඩියා එකට ගිහින් බලන්න.. ඒකේ තියෙනවා ඔක්කොම විස්තර. මෙතන රණ්ඩු වෙන අයට කියන්න තියෙන්නේ... එදා සුද්දා කියපු කතාවක්... "සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා " කියලා තමයි.
අප්පුහාමි හැදුවට කමක් නැහැ. දැන් ඕක උඩින් අලුත් පැල්ලමක් හදලා පාලමට දැනෙන්න බර අඩු කරන්න. නැතිනම් ඔය පාලම උඩින් යන අප්පුහාමිලා 300, 400ක් පල්ලෙහාට වැටිලා තියේවි. ඒ කාලේ තිබුණු කෝච්චි නෙමෙයි දැන් තියෙන්නේ. ඔය ලෝඩ් එක දරන්න අමාරුයි. ඒ නිසා අලුත් පාලමක් ඉක්මණින් හදන්න හිතුවොත් හොඳයි. අනෙක ඔය පාලම උඩින් යද්දී වගේ සීමාවක් පනවන්න.