
(ටී.කේ.ජී.කපිල)
අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව මෙවර පාටා සම්මාන උළෙලේ දී නම් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැමිණීමට සමත් වී ඇත.
ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් වලට සිත් ඇද ගන්නා සුලු සන්සුන් ගමනක් සදහා ශ්‍රී ලංකාව විශිෂ්ට ගමනාන්තයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ මෙම දෘශ්‍ය නිරූපණයේ සදහන් වේ.
ඉන්දියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපළ වන අතර , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එය 80% ක පසුබෑමකට ලක් වී තිබේ.
එහෙයින් Next Door Neighbors සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රදවා ගැනීමේ ඵලදායි ව්‍යාපාරයක් වී තිබේ .
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගමනාන්තයක වරප්‍රසාද අත්විදීමේ හැකියාව මෙමගින් නිරූපණය වේ.
මෙය සිනමාව, ගුවන් විදුලිය, ඩිජිටල් සහ වෙළෙඳ ප්‍රචාර ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ දිග හැරෙන 360° ක නිර්මාණාත්මක වැඩසටහනකි .
මෙම වීඩියෝ දර්ශන මුහුණු පොතෙන් මිලියන 73 ක් ද , යූ ටියුබ් හි මිලියන 2.2 ක් ද නරඹා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා රෝගය අලෙවි කරමින් පිටරට වෙසෙන අසරණ ජනතාවගේ මුදල් ගසා කන එකට වෙන්න ඇති මේ සම්මාන දීලා තියෙන්නේ? අනික ඕවාට කවුද ජාත්‍යන්තර සම්මාන කියන්නේ?
ලෝකයේ තිබෙන නරකම ගුවන් සේවය ලෙස වෙන්න ඇති මේ සම්මානය ලැබුනේ... වෙනත් රටවල් මේ දිනවල තම වැසියන් ඉතාම පහසු මිලකට ගුවන් පහසුකම් ලබාදී තම රටවල්වලට ගෙන්වා ගන්න විට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ටිකට් පතක් දෙගුණයක මිලකට විකුණන අතර, රජයේ ඇවන්ගාඩ් රස්තියාදුකාරයින්ගේ හෝටල්වලට නිරෝධායනය කරමින් අසරණයින්ව ගසාකයි. කොරෝනා ප්රශ්නය ඉවරවුණාට පසුව සියලුම ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වර්ජනය කරන බවත් කියනවා. කළ දුටුකළ වල ඉහගන්නා ආත්මාර්ථකාමී ගුවන් සේවයක් අපට එපා. පහසුකම් වැඩි, හොඳ අාහාර සපයන, මිල ඉතාම සාධාරණ ගුවන් සේවා ඕනෑතරම් තියෙනවා.
ඕක ජාත්‍යන්තර සම්මානයක් නොවේ. කලාප සම්මානයක් කිව්වාම නම් වඩා හොඳයි. ඒකත් ඉතින් ඉන්දියාව මුල්කරගෙන දීපු එකක් බව පේනවා. ගොඩ එන්න බැරි තරමට ණය බරින් මිරිකෙන, ගමනාන්ත එකින් එක කප්පාදු කරන, යල්පැනපු හුචක්කු ගුවන් යානා තිබෙන සමාගමකට මෙවැනි සම්මාන දුන්නේ කවුද කියලා දන්නෙ නැහැ.
කෝටි ගණන් පාඩුයි. හැබැයි රන් සම්මාන ලැබෙන්නේ. ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නේ ඕවට තමයි.